නව ගුවන් හමුදාපති ජනපති හමු වෙයි
නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.
නව ගුවන් හමුදාපතිවරයා ජනාධිපතිවරයා හමුවුයේ ජනාධිපති කාර්යාලයේදීයි.
ශ්‍රී ලංකාවේ 19වන ගුවන් හමුදාපති ලෙස උදේනි රාජපක්ෂ මහතා පසුගියදා පත්වීම් ලැබුවා.
ධුරයට පත්වීමෙන් පසු ඒ මහතා සාම්ප්‍රධායානුකූලව ජනාධිපතිවරයා හමුවී සමරු තිළිණයක් ද පිළිගැන්වුවා.
මේ අතර නව ගුවන් හමුදාපතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද හමු වී කෙටි පිළිසදරක නිරත වුණා.
The post නව ගුවන් හමුදාපති ජනපති හමු වෙයි appeared first on ITN News.