මධ්යම කඳුකරයට දැඩි මීදුමක් – රථ වාහන ධාවනයේ දි සැලකිලිමත් වන්න
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට අද (11) දින බාධා පැමිණ ඇති බව වාර්තා වෙනවා.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් ,හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙත් ,අතුරු මාර්ග වලත් ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ධාවනයේදි ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
The post මධ්යම කඳුකරයට දැඩි මීදුමක් – රථ වාහන ධාවනයේ දි සැලකිලිමත් වන්න appeared first on ITN News.