පිළිස්සුම් තුවාල ලබා සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙන එයි
දකුණු මුහුදේ දී අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලබා සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව සහාය වුණා.
ගාල්ලට නාවික සැතපුම් 431 ක් පමණ නිරත දෙසින් වූ ගැඹුරු මුහුදේ වූ අනතුරක් හේතුවෙන් මෙම ධීවරයා පිළිස්සුම් තුවාල ලබා තිබුණා.
ඒ ඔවුන් ගමන් ගත් බහුදින යාත්‍රාවට විදේශීය යාත්‍රාවකින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන්.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, නාවික හමුදාවට කළ දැනුම්දීමකට අනුව සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත මේ පිළිබද තොරතුරු ලබා දී තිබුණා.
ඒ අනුවයි පිළිස්සුම් තුවාල ලැබූ ධීවරයා වෙළෙඳ නෞකාවක සහායෙන් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරුණේ.
ඔහු ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට යොමු කිරීමට කටයුතු කෙරුණා.
The post පිළිස්සුම් තුවාල ලබා සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙන එයි appeared first on ITN News.