බෝංචි සහ තක්කාලි මිල ඉහළට
එළවළු වර්ග කිහිපයක මිල යම් මට්ටමකින් පහළ බැස ඇතත් බෝංචි සහ තක්කාලි මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථාන වෙලෙදුන් පෙන්වා දෙනවා.
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පසුගිය දිනවල විශාල වශයෙන් ඉහළ ගොස් තිබුණා.
ලැබෙන තොග ප්‍රමාණය අඩුවීම හේතුවෙන් මිල ඉහළ ගිය බවයි වෙලෙදුන් පවසන්නේ.
කෙසේ වුවද එළවළු කිහිපයක මිල යම් අඩුවීමක් පෙන්නුම්කළද බෝංචි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 400 ක් ලෙසත් / තක්කාලි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 450 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි වෙලෙදුන් පෙන්වා දෙන්නේ.
The post බෝංචි සහ තක්කාලි මිල ඉහළට appeared first on ITN News.