ථෙරවාදී බුදුදහම ව්යාප්ත කිරීමට කෘතිම බුද්ධිය යොදා ගැනීමේ වැඩපිළිවෙළක්

- itnnews.lk

ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය භාවිතයට ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවන බවත්, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගනිමින් උගත්, වියත් පිරසකගේ දායකත්වයෙන් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (20) පෙරවරුවේ මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවති සාමණේර භික්ෂුන් වහන්සේලා 300 නමක් උපසම්පදා ශීලයේ පිහිටුවන මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවයට එක් වෙමින.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්මය අද( 20)සිට ජූලි 27 වන දා දක්වා මාතලේ බණ්ඩාරපොල සුදු ගඟ උදකුක්ඛේප සීමාමාලකයේ දී පැවැත් වෙනවා

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේට “දර්ශන විශාරද උපාධි” ශ්‍රී සන්නස්පත්‍රය හා විජිණිපත පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුනා

ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්වහන්සේට හා පූජ්‍ය මුගුණෙවෙල අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ගෞරවනාම සන්නස්පත්‍ර පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්මයට සහභාගී වීම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද සමරු තිළිණයක් පිළිගැන්විණි.

රාමඤ්ඤ මහා නිකාය විසින් සංස්කරණය කරන ලද “පටිපදා ශාස්ත්‍රීය සංග්‍රහය” මහනායක ස්වාමීන් වහන්සේට හා ජනාධිපතිවරයාට පිළිගැන්වීම ද සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

රාමඤ්ඤ මහා නිකායේ 73වන උපසම්පදා මහෝත්සවයට සහභාගීවීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ඉන්දීය සංචාරය හමුවේ වුවත් මට මෙම අවස්ථාව සඳහා සහභාගීවීමට ලැබෙන පරිදි උත්සව කටයුතු සංශෝධනය කිරීම පිළිබඳව ස්වාමීන් වහන්සේලාට මෙන්ම දායක සභාවට ද මම ස්තූතිවන්ත වෙනවා.

මම මෙවර ඉන්දියානු නිල සංචාරය සිදු කරන්නේ දෙරට අතර ඉදිරි සබඳතා පිළිබඳ සාකච්ඡා කිරිමටයි. ඒ වගේම මෙරට ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ ඉන්දීය රජය අපට ලබාදුන් සහාය පිළිබඳ ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

රාමඤ්ඤ මහා නිකාය මෙම උපසම්පදා මහෝත්සවය මාතලේ ප්‍රදේශයේ පැවැත්වීම බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂ වනවා. ඒ වගේම මාතලේ පුරවරයට බෞද්ධ ඉතිහාසය තුළ වැදගත් ස්ථානයක් හිමිවෙනවා. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර ත්‍රිපිටකය ආරක්ෂා කිරීමට තැබූ පළමු පියවර තැබුවේ මාතලේ අලුවිහාරයේදියි. ත්‍රිපිටකය ආරක්ෂා කිරීමට රජයක් ලෙස මේ වන විට අප කටයුතු කර තිබෙනවා. ත්‍රිපිටකය සුරකිනවා යනු උතුම් සද්ධර්මය සුරැකීමයි. බෞද්ධ රටක් ලෙස ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ලෝකයට බුදු දහම රැගෙන යාමට අප කටයුතු කර තිබෙනවා.
මහායාන බුදු දහම තුළත් ත්‍රිපිටකය පිළිබඳ සඳහන් වෙනවා. චීනය මුද්‍රණය කර තිබෙන ලෝටස් සූත්‍රය ඇතුළත් මහායාන ත්‍රිපිටකය ලෝකයේ පළවෙනි මුද්‍රණය ලෙස සළකන්න පුලුවන්. ගර්ටන්බර්ග් මහතා බයිබලය මුද්‍රණය කළේ ඉන් පසුවයි. ඒ වගේම ථෙරවාද බුදුදහම ඇතුළත් ත්‍රිපිටකයත් මේ වන විට මුද්‍රණය කර තිබෙනවා.
ධර්මය ආරක්ෂා කිරීමට වර්තමානයේ තිබෙන තාක්ෂණය උපරිම වශයෙන් යොදා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම කෘතිම බුද්ධිය පිළිබඳව මේ වන විට සමාජය තුළ දැනුවත්භාවයක් තිබෙන නිසා ඊටත් වඩා පහසුවෙන් ධර්මය සුරක්ෂිත කිරීමට එය දායකකරගත හැකියි.
කෘතිම බුද්ධියට බුදු දහම පිළිබඳ සියලු දත්ත ඇතුළත් කිරීමෙන්, ඒ පිළිබඳ අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමට හැකියාව තිබෙනවා. දුටුගැමුණු රජතුමා පිළිබඳව තිබෙන සියලුම තොරතුරු කෘතිම බුද්ධියට ලබා දුන්නොත් ඊට අදාළව අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට කෘතිම බුද්ධියට හැකියාව තිබෙනවා. වික්ටෝරියා රැජණ පිළිබඳව තොරතුරු ඇතුළත් කළත් එලෙසම පිළිතුරු සැපයීමට කෘතීම බුද්ධියට හැකියාව තිබෙනවා. තොරතුරු ලබා දෙනවා පමණක් නොව එය ප්‍රකාශ කිරිමේ හැකියාව GPT තාක්ෂණයෙන් ලැබී තිබෙනවා. මෙම නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් බුදු දහම තවදුරටත් සුරක්ෂිත කිරීමට කටයුතු කළ හැකියි.

බෞද්ධ ධර්මය දෙවියන් පදනම් කර ගත් ආගමක් නොවන බව අද සියලුදෙනා පිළිගන්නවා. බුද්ධ දේශනයේ සඳහන් වෙන්නේ ධර්මයක්. එය ඕනෑම අයෙකුට පිළිපැදිය හැකියි. කැමති නම් පිළිපදින්නෙ නැතුව සිටිය හැකියි. ධර්මය පිළිපදිනවා නම් එය තවදුරටත් විග්‍රහ කළ හැකියි. ඒ නිසා තමයි ධම්ම පදයේ “මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා” යනුවෙන් සඳහන් වෙන්නේ. ධර්මය පිළිපදින්නේ මනසින්. මිනිස් ඥානය වගේ, අනෙක් පැත්තෙන් දැන් කෘතිම ඥානය ද තිබෙනවා. මෙම කෘතිම ඥානය අපට තර්ජනයක් වෙයිද, අපට අවශ්‍ය ලෙස ප්‍රයෝජනයට ගත හැකිද? ඊළග දශක දෙක තුන තුළ ඇතිවිය හැකි ප්‍රශ්නය එයයි.

දැන් ඇතැම් අය කෘතිම ඥානයෙන් ප්‍රයෝජන ගනිමින් සිටිනවා. ජපානයේ සෙන් බුදු දහම කෂුමා කියල පුද්ගලයෙක් hotoke.ai වැඩසටහනින් සෙන් බුදුදහමට අදාළව පිළිතුරු ලබාදෙන ආකාරය පසුගිය දිනක දකින්න ලැබුණා. එහි සඳහන් වන්නේ “බුද්ධ ධර්මය අත ළඟ” යනුවෙනි. නමුත් අපි බලාපොරාත්තු වෙන්නේ එවැන්නක් නොවෙයි. එතැන විකෘති කිරීමක් සිදුව තිබෙනවා
බුදු දහමේ පමණක් නොවෙයි අනෙකුත් ආගම්වලත් මෙම විකෘති කිරීම් දකින්න ලැබෙනවා. බයිබල් GPT කියලා තවත් වැඩසටහනක් තිබෙනවා. එහි සඳහන් වන්නේ “ක්‍රිස්තියානි ආගම ජේසුස්වහන්සේගේ මුවින්” යනුවෙනි. නමුත් එය එසේ විය නොහැකියි.
මෙවැනි ආගමික විකෘති කිරීම් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන නිසා අපට නීතියෙන් එය පාලනය කිරිමට ද හැකියාවක් නැහැ. ඒ නිසා මේවා පිළිබඳව අපේ අවධානය යොමු විය යුතුයි.

ඒ වගේම කෘතිම බුද්ධිය ධර්මය සදහා භාවිතා කිරීමේ දී අප මීට වඩා ගැඹුරින් ඒ පිළිබඳ පරීක්ෂණ කළයුතුයි. ඒ නිසා අපි තීරණය කළා මෙම කටයුතු සඳහා රුපියල් මිලියන 200ක පමණ මුදලක් වෙන් කිරිමට. තවත් වැඩිපුර මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ද කටයුතු කළ හැකියි.
ථෙරවාද බුදුදහම ලෝකයට ගෙන යාමේ දී කෘතිම බුද්ධිය භාවිතා කිරීම පිළිබද අපේ අවධානය යොමුව තිබෙනවා. එහිදී අභිධර්මය පිළිබඳව ද ගැඹුරු විග්‍රහයක් සිදු කළයුතුයි. මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම පිළිබඳ අපේ ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගැනීමට ද අපි බලාපොරොත්තු වෙනවා. ඒ සදහා උන්වහන්සේලාට ආරාධනා කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකථනයෙන් සමාජ මාධ්‍ය තුළ සැරිසනවා මිස අද බෙහෝ දෙනෙක් බයිබලය, ත්‍රිපිටකය වැනි ආගමික ග්‍රන්ථ කියවන්නේ නැහැ.
අතීතයේ සිටම ථෙරවාදී බුදු දහම ආරක්ෂා කිරීමට කැප වූ ශ්‍රී ලංකාව එය තවදුරටත් සුරක්ෂිත කරමින් ලෝකයට ගෙන යාමට කැපවිය යුතුයි. කෘතිම බුද්ධිය ප්‍රයෝජනයට ගනිමින් මෙම උතුම් කාර්යය ඉටුකිරීමේ වැඩපිළිවෙළ මහා සංඝරත්නයෙන් අවවාද අනුශාසනා මෙන්ම උගත් වියත් පිරිසකගේ අදහස් ලබාගෙන ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි. එම කටයුතු සම්බන්ධීකරණය සදහා ජනාධිපති ලේකම්වරයා සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාද පත් කර තිබෙනවා. ඉන්පසුව සාකච්ඡා මාර්ගයෙන් මෙම කටයුතු ඉදිරියට කරගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.

රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී
ස්වාමීන් වහන්සේ,
මීට වසරකට පෙර රට විශාල ගිනි ගොඩක් විදිහට තමයි තිබුණේ. ඒ වෙලාවේ මේ රට භාර ගැනීමට කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. වර්තමාන ජනාධිපතිවරයා මේ අභියෝගය භාරගෙන ජනතාවගේ දුක් පීඩා නිවීමට කටයුතු කළා. එදා රට ගිනි ගනිද්දී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයත් ගිනි ගෙන තිබුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා රට බාර නොගන්නට මෙරට ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයත් නැති වෙනවා. එම නිසා සමස්ත ලංකා වැසියන්ම ජනාධිපතිවරයාට ප්‍රසංසා කළ යුතුයි.

ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා

විදේශ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබුණද ජනාධිපතිතුමා රාමඤ්ඤ නිකායේ උපසම්පදා විනය කර්මය රාජ්‍ය මහෝත්සවයට පැමිණීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වෙනවා. විනයගරුක පැවිදි සමාජයක් ඇති කිරීම සඳහා රාමඤ්ඤ නිකාය විසින් ගෙන යන වැඩපිළිවෙළ ඉතාම විශිෂ්ටයි.
මේ දිනවල පළවන මාධ්‍ය වාර්තා දෙස බැලීමේ දී ගිහි පැවිදි දෙපිරිසම තුළ විනයක් නොමැති කම දකින්න තිබෙනවා. කෙසේ වුවත් පැවිදි ස්වාමීන් වහන්සේලාගේ විනය ගැන කතා කරන්න ගිහියන්ට අයිතියක් නැහැ . රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් එම නිකායට අයත් විනය කඩ කරන භික්ෂූන් වහන්සේලාට එරෙහිව කටයුතු කිරීමට නීති සම්පාදනය කර දෙන මෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මීට වසරකට පෙර මේ රට තිබුණේ නීතියක් නැති රටක් ලෙසයි.අගාධයට යන රටක් ලෙසයි. එම අවස්ථාවේ රට භාරගෙන ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙළ අගය කළයුතුයි.

අල්ලස සහ දුෂණ පිළිබඳ පනත පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වුණා. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය හඬ නැගුවේ මේ පනත සම්මත කර ගැනීමටයි. අද එය ඉටු වී තිබෙනවා. ඒ ගැන ජනාධිපතිතුමාට අප ස්තූතිවන්ත විය යුතුයි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල හිමිපාණන් වහන්සේ, ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය ගලහිටියාගම විමලධම්ම නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ ශාසනරතන හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහණ දිසානායක , ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නාලක කෝට්ටගොඩ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්. යූ . ගමගේ, මධ්‍යම පළාතේ හිටපු මහ ඇමති සරත් ඒකනායක, තායිලන්ත තානාපති පොජ් හාර්න්පොල්, ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ නුවර සහකාර කොන්සියුලර් ආචාර්ය එස්. අතිරා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා , යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ , මාතලේ දිසාපති තේජානි තිලකරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
ආගමික හා සමාජයීය කරුණු රැසක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා උන්වහන්සේ සමග සාකච්ඡා කළ අතර ආර්ථික අර්බුදයෙන් රට ගොඩනගමින් රට තුළ නව දියුණුවක් ඇති කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ උන්වහන්සේගේ පැසසුමට ලක් වූහ.

අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
එමෙන්ම මාතලේ පුරිජ්ජල සංඝබෝධි පිරිවෙනේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) උදෑසන සහභාගී විය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා මහා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවයට සමගාමීව මෙම බුද්ධ මන්දිරය විවෘත කිරීම සිදු විය.
බුද්ධ මන්දිරය වෙත ගොස් මල් පූජා කර ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.
විහාරස්ථානය වෙත පැමිණ සිටි ජනතාව සමඟ ද සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසීය.
‍රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහණ දිසානායක, ලසන්ත අලගියවන්න, හිටපු කථානායක කරු ජයසූරිය, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්තුරු අතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

The post ථෙරවාදී බුදුදහම ව්යාප්ත කිරීමට කෘතිම බුද්ධිය යොදා ගැනීමේ වැඩපිළිවෙළක් appeared first on ITN News.

You may also like

- colombogazette.com

Former Sri Lankan cricketer Russel Arnold has been named a Multicultural Ambassador by Australia. The former cricketer who won 225 international caps across all 3 formats (1997 – 2007) is now an international cricket commentator and Level 3 High Performance coach. The father of two is a Trustee with the Foundation of Goodness, working to […]

- colombogazette.com

The Chairman of Aura Lanka Group of Companies, Viranjith Thambugala, was arrested and remanded over allegations of financial fraud. The businessman was produced in court and remanded till 27 May. In 2022 the ownership of the Dambulla team in the Lanka Premier League cricket tournament was procured by Aura Lanka Sports Pvt Ltd. (Colombo Gazette)

- island.lk

More than 140 travellers and crew members who were onboard a flight hit by severe turbulence landed in Singapore on a relief flight earlier this morning. Passengers onboard SQ321 which was heading from London to Singapore, recounted scenes of “absolute terror”, with one passenger saying he saw a woman with an “awful gash on her […]

- island.lk

President Ranil Wickremesinghe announced the implementation of a new program aimed at improving the living conditions of retired security forces members. The President highlighted that, in the absence of a dedicated program, some veterans have faced difficult situations and directed the State Minister of Defence, the Ministry of Defence, and the Ranaviru Seva Authority to […]

- colombogazette.com

President Ranil Wickremesinghe has confirmed that the Presidential elections will be held this year. He told his Cabinet that funds have already been allocated to hold the election this year. The Election Commission of Sri Lanka announced recently that the Presidential election will be held on a day between 17th September and 16th October 2024. The […]

- colombogazette.com

A13-year-old Christian girl, Sania Amin, went missing on April 4 after she left home to buy groceries in Anjotar, a village in Pakistan’s Punjab province. Local eyewitnesses reported that three Muslims took her by force and dragged her through the streets. Pakistani police refused to register a “First Information Report” (FIR) for Sania’s abduction. Christian […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc