ඩයනාට එරෙහි පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලකට
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු රීට් පෙත්සම සැප්තැම්බර් 14 වනදා යළි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළා.
මෙම පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණා. එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පැවසුවේ තමා සහ ඒ මරික්කාර් යන විනිසුරුවරයා අතර මේ සම්බන්ධයෙන් බෙදුනු නඩු තීන්දුවක් පවතින බවයි. ඒ අනුව පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම සැප්තැම්බර් 14 වනදා විභාගයට ගැනීමට ද නියෝග කෙරුණා.
සමාජ ක්‍රියාකාරී ඔෂල හේරත් යන අය පෙත්සම ඉදිරිපත් කරමින් පවසන්නේ ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඇයට මෙරට මන්ත්‍රී ධුරයක් දැරීමේ සුදුසුකමක් නැති බවයි.
The post ඩයනාට එරෙහි පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලකට appeared first on ITN News.