කඩොලාන සිටුවීමට මාර්ගෝපදේශ මාලාවක්
කඩොලාන සිටුවීමේ දී ඒ සදහා මාර්ගෝපදේශ මාලාවක් හදුන්වාදී ඇති බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරනවා.
මින් ඉදිරියට කඩොලාන සිටුවීමේ දී එම මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.
අනිල් ජාසිංහ මහතා මෙම ප්‍රකාශය සිදුකළේ අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දින උත්සවය අමතමිනුයි.
ලොව සුවිශේෂී පරිසර පද්ධතියක් වන කඩොලාන සුරැකීමේ අරමුණෙන් යුනෙස්කෝ ආයතනය ප්‍රකාශයට පත්කළ මෙම දිනයේ මෙවර තේමාව සංරක්ෂණය හා දැනුවත් කිරීම යන්නයි.
කඩොලාන සංරක්ෂිත දින උත්සවය පරිසර අමාත්‍යංශයේ දී පැවැත්වුණා.
පාසල් සිසුන් සදහා මෙහිදී ක්‍රියාකාරකම් කිහිපයක් සංවිධානකර තිබුණා.
උත්සවය ඇමතූ පරිසර අමාත්‍යංශ ලේකම්වරයා තවදුරටත් කියාසිටියේ අනාගත පරම්පරාවේ දැනුම සහ ඔවුන් පරිසර පද්ධති රැකගැනීම සදහා දක්වන ආකල්පය මත කඩොලාන පරිසර පද්ධතියේ අනාගතය තීරණය වන බවයි.
මේ අතර තරුණ තරුණියන් සිය දෙනෙකු එක්ව කඩොලාන පැළ දහසක් සිටුවීමේ වැඩසටහනක් කොග්ගල කලපුව සහ මඩොල්දූව ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරුණා.
වනජීවී හා සමුද්‍ර සම්පත් සංරක්ෂණ ආයතනයේ සහ තාක්ෂණික සහයෝගය ඇතිව සස්නක සංසදය විසින් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණා.
The post කඩොලාන සිටුවීමට මාර්ගෝපදේශ මාලාවක් appeared first on ITN News.