ප්රංශ ජනපති හෙට දිවයිනට
ප්‍රංශ ජනාධිපතිවරයෙකු ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණීමේ ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා හෙට දිනයේදී දිවයිනට පැමිණීමට නියමිතයි.
දිවයිනට පැමිණෙන ප්‍රංශ ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමු වී සාකච්ඡා පැවත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා හෙට පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
ඒ මහතා සෙනසුරාදා දින යළි දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
ප්‍රංශ ජනාධිපතිවරයා සිය සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබඳ ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් නිවේදනය කරනවා.
The post ප්රංශ ජනපති හෙට දිවයිනට appeared first on ITN News.