හක්මණ මහජන පුස්තකාලය ඩිජිටල් පුස්තකාලයක් ලෙස සංවර්ධනය කෙරේ
හක්මණ මහජන පුස්තකාලය ඩිජිටල් පුස්තකාලයක් ලෙස සංවර්ධනය කර පාඨක අයිතියට පත් කර තිබෙනවා.
රුපියල් මිලියන 5 ක් වියදමින් මෙම පුස්තකාලය ඩිජිටල් පුස්තකාලයක් ලෙස සංවර්ධනය කර ඇති අතර දිවයිනේ 13 වන ඩිජිටල් පුස්තකාලය ලෙස සංවර්ධනය කෙරනු මෙම පුස්තකාලය මගින් ප‍්‍රදේශයේ පාඨක ජනතාවට අන්තර්ජාලයට පිවිස තම දැනුම යාවත්කාලීන කර ගැනීමට මෙන්ම තම නිවසේ සිට පුස්තකාලයේ පවතින පොත් පිළිබද නිරීක්ෂණය කොට වෙන් කර ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.
පාඨකයින්ට ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමත් මෙහිදී සිදු කෙරුණා.
මෙම අවස්ථාවට ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.සුනිල් මහතා ඇතුළු ප‍්‍රදේශයේ පාසල් වල දුවාදරුවන්, ආචාර්ය මණ්ඩලය
ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
The post හක්මණ මහජන පුස්තකාලය ඩිජිටල් පුස්තකාලයක් ලෙස සංවර්ධනය කෙරේ appeared first on ITN News.