තිදෙනෙකුට ජීවිතය අහිමි කළ බස් රථ අනතුර
තුල්හිරිය ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් කිහිප දෙනෙකු තුවාල ලැබුවා.
ගල් ගමුව ඩිපෝවට අයත් මාර්ග අංක 57 යටතේ අනුරාධපුර සිට කොළඹ බලා ගමන් ගන්නා බස් රථයකුයි මෙසේ අනතුරට ලක් වුණේ.
එය තුල්හිරිය තැපැල් කාර්යාලය අසලදී ප්‍රයිම් මුවර් රථයක ගැටීමෙන් අනතුර සිදු වුණා.
අනතුරෙන් පසුව බස් රථය පෙරලී ගොස් තිබුණා.
තුවාල ලැබූවන් අලව්ව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
The post තිදෙනෙකුට ජීවිතය අහිමි කළ බස් රථ අනතුර appeared first on ITN News.