ශ්රී ලාංකික ශ්රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා
ශ්‍රී ලාංකික ශ්රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීම සදහා අවධානය යොමු කෙරුණා.
ජපානය සහ ලංකාව අතර පවතින ද්වි පාර්ශවික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.
මෙරට සංචාරයක නිරත ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි මහතා සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබද සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබද හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ මහතා ජපානයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් රැකියා සදහා අනුගත කිරීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවැත්වුනා.
මේ අවස්ථාවට ජපානයේ රාජ්‍ය අමාත්‍යවරයා, හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සමග කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ උපදේශක ශාන් යහම්පත් මහතාද එක්ව සිටියා.
The post ශ්රී ලාංකික ශ්රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා appeared first on ITN News.