අධික වර්ෂාපතනය චීනයේ 20 දෙනෙකුට ජිවිත අහිමි කරයි
චීනයට වසර 140කට පසු හටගත් අධික වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකුට ජිවිත අහිමි වී තිබෙනවා.
ඩොක්සුරි චන්ඩමාරුතය හේතුවෙනුයි මෙම අධික වැසි හටගත්තේ.
පුද්ගලයන් 27 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටිනවා.
1891 වසරෙන් පසුව චීනයට බලපෑ අධිකම වැසි තත්ත්වය මෙයයි.
මිලිමීටර 744ක වර්ෂාපතනයක් බෙයිජිං නුවරට ඇද හැලුනා.
මේ හේතුවෙන් එරට බොහෝ මාර්ග ගංඟා බවට පත්ව ඇති ආකාරය චීන මාධ්‍ය විකාශය කළා.
විපතට පත්වූවන් කිලෝ මීටර 60ක් දුරින් පිහිටි සුෂු නගරයේ රඳවා සිටිනවා.
හෙබෙයි ප්‍රාන්තයට ද අධික වැස්සෙන් දැඩි බලපෑම් එල්ල වුණා.
The post අධික වර්ෂාපතනය චීනයේ 20 දෙනෙකුට ජිවිත අහිමි කරයි appeared first on ITN News.