බ්රිතාන්යය අඛණ්ඩව 14 වන වරටත් පොලී අනුපාත ඉහළ දැමීමට සැරසෙයි
බ්‍රිතාන්‍යය අඛණ්ඩව 14 වන වරටත් එරට පොලී අනුපාත ඉහළ දැමීමට සුදානම් වනවා.
ඉහළ යන උද්ධමනය පාලනය කර ගැනීමේ අරමුණෙනුයි එංගලන්ත බැංකුව මෙම පියවර ගැනීමට සැරසෙන්නේ.
5% සිට 5.25% දක්වා මේ අනුව මූලික පොලී අනුපාතය වැඩිවනු ඇති.
උකස් හා ණය පොලී අනුපාත මෙසේ ඉහළ යන අතර ඉතුරුම් පොලී අනුපාතය සදහා මෙය බලනොපානු ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.
අවසන් වරට මේ තරම් ඉහළ පොලී අනුපාතයක් පැවතුනේ මීට වසර 15කට පෙරයි.
The post බ්රිතාන්යය අඛණ්ඩව 14 වන වරටත් පොලී අනුපාත ඉහළ දැමීමට සැරසෙයි appeared first on ITN News.