How can Sri Lankan charities find international donors and partners?

“අස්වැසුම” වැඩසටහන සමෘද්ධි ව්යාපාරය හෝ සමෘද්ධි බැංකු අඩපණ කරන්නක් නොවෙයි

- itnnews.lk

“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සමෘද්ධි ව්‍යාපාරය හෝ සමෘද්ධි බැංකු අඩපණ කරන්නක් නොව, ආර්ථික අවදානමක් සහිත, සමාජ සුබසාධක ප්‍රතිලාභ අවැසිම ප්‍රජාව එම තත්ත්වයෙන් මුදා ගැනීම ඉලක්ක කර ගත් විධිමත් වැඩසටහනක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

සමෘද්ධි සහනාධාරය ලැබූ නමුත් අස්වැසුම වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කගේ අභියාචනා සහ විරෝධතාවන්හි විමර්ශන කටයුතු අවසන් වන තෙක් තවදුරටත් ඔවුන්ට සමෘද්ධි දීමනාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තීරණය කර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඒ අනුව සමෘද්ධි දීමනාව ලබමින් අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම් කළ 1,280,000ටම සමෘද්ධි හෝ අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ දීමනාවක් හිමිවන බවත් ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දුන්නා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා සහ විරෝධතා යළි සලකා බැලීමෙන් අනතුරුව 2024 වර්ෂය සඳහා වූ නව අයැදුම්පත් භාර ගැනීමේ කටයුතු ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා

දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස අතරින් පවුල් 1,280,747ක් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ සඳහා අයැදුම් කර තිබෙනවා. ඉන් පවුල් 887,653ක් මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් “අස්වැසුම” සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කගේ අභියාචනා හා විරෝධතා පිළිබඳ විමර්ශන කටයුතු අවසන් වන තෙක් තවදුරටත් ඔවුන්ට සමෘද්ධි දීමනාව ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව තීරණය කර තිබෙනවා.

“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර තිබෙන අභියාචනා සහ විරෝධතා සලකා බැලීමේ කටයුතු මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කඩිනමින් සිදු වෙමින් පවතිනවා. මේ අනුව අදාළ කටයුතු අවසන් වූ වහාම 2024 වර්ෂය සඳහා වූ නව අයදුම්පත් භාර ගැනීම ද ආරම්භ කිරීමට නියමිතයි.

මේ වන විට පවුල් 1,792,265ක් “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. කෙසේ නමුත් පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබා දීම රජයේ අපේක්ෂාවයි. අදාළ අභියාචනා සහ විරෝධතා පිළිබඳව යළි සලකා බැලීමෙන් පසු එම ඉලක්කය කරා ළඟා වීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.

දැනට වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත ආධාර ලබන පිරිස වෙනුවෙන් මීට පෙර ක්‍රියාත්මක වූ පරිදිම අදාළ මුදල් ගෙවීම සිදු කරනු ලබනවා. ඒ අනුව වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මගින් ද, වකුගඩු සහ ආබාධිත දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද ලබා දීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම පූජ්‍ය පක්ෂයට හා වැඩිහිටි නිවාස, ළමා නිවාස සහ ආබාධිත මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් 11,660 දෙනෙක් වෙනුවෙන් පෙර පරිදි අදාළ දීමනා ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. එම පිරිස්වලට ද නව ක්‍රමවේදයක් යටතේ “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරනවා.

“අස්වැසුම” ප්‍රතිලාභ ගෙවීම සඳහා මේ වන විට ගිණුම් ලක්ෂ 10ක් පමණ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබෙනවා. අදාළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හැකි ඉක්මණින් ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ද රජය සුදුසුකම් ලැබූ පිරිස්වලින් ඉල්ලා සිටිනවා.

“අස්වැසුම” සමෘද්ධි ව්‍යාපාරය හෝ සමෘද්ධි බැංකු අඩපණ කිරීමේ වැඩසටහනක් නොවෙයි. සමෘද්ධි බැංකු තවදුරටත් ශක්තිමත් කිරීමට සමෘද්ධි දෙපාර්තමේන්තුව, මහ බැංකුව හරහා ඒවා නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ද ඉදිරියේදී සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

 

The post “අස්වැසුම” වැඩසටහන සමෘද්ධි ව්යාපාරය හෝ සමෘද්ධි බැංකු අඩපණ කරන්නක් නොවෙයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Economic Transformation Bill and the Public Financial Management Bill have been presented to the Parliament, a short while ago.

- colombogazette.com

By Easwaran Rutnam Former Army Commander, Field Marshal Sarath Fonseka, has decided to contest for Presidency at the upcoming Presidential election, Daily Mirror learns. Sources close to Fonseka said that the current Chairman of the Samagi Jana Balawegaya (SJB) will make a formal announcement in June. Fonseka is to contest as an independent candidate instead […]

- adaderana.lk

The Department of Fisheries and Aquatic Resources (DFAR) has advised all those engaged in naval and fishing activities not to venture out to sea until further notice.

- adaderana.lk

Sri Lanka Customs officer have arrested a Filipino woman at the Bandaranaike International Airport (BIA) along with 02 kilograms and 851 grams of cocaine estimated to be worth over Rs 200 million.

- adaderana.lk

State Minister for Social Empowerment Anupa Pasqual, emphasized that new laws are being introduced to facilitate the use of uncultivated land for agricultural purposes as land is vital for social empowerment.

- colombogazette.com

India, one of the world’s fastest-growing markets The advancement of artificial intelligence (AI) has been transformative, revolutionizing industries and reshaping economies globally. AI technologies, encompassing machine learning, neural networks, and natural language processing, are driving innovation in various sectors, including healthcare, finance, and transportation. These advancement...

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc