ද.කොරියාවේ සිට පළා ගිය ඇමෙරිකා සොල්දාදුවා සිය අත්අඩංගුවේ පසුවන බව උ.කොරියාව කියයි
දකුණු කොරියාවේ සිට උතුරු කොරියාවට පළා ගිය ඇමෙරිකා සොල්දාදුවා සිය අත්අඩංගුවේ පසුවන බව උතුරු කොරියාව පවසා තිබෙනවා.
මෙම සොල්දාදුවා සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට දිගින් දිගටම බලපෑම් කළා.
ඒ අනුව ඔහු සිය අත්අඩංගුවේ පසුවන බව උතුරු කොරියාව පිළිගෙන තිබෙනවා.
23 හැවිරිදි මෙම ඇමෙරිකා සොල්දාදුවා දකුණු කොරියා දේශසීමාවේ සිට උතුරු කොරියාවට පළා ගොස් තිබුණේ පසුගිය 18 වනදායි.
කෙසේ වෙතත් ඔහු යළි ගෙන්වා ගැනීමට උත්සාහ කරන බව ජගත් සංවිධානය පවසා තිබෙනවා.
The post ද.කොරියාවේ සිට පළා ගිය ඇමෙරිකා සොල්දාදුවා සිය අත්අඩංගුවේ පසුවන බව උ.කොරියාව කියයි appeared first on ITN News.