පාර්ලිමේන්තු මන්ත්රීවරියන් නවසීලන්තයේ අධ්යාපන චාරිකාවක
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්රීවරියන් නවසීලන්තයේ අධ්යාපන චාරිකාවක නිරත වුණා.
එහිදි ඔවුන් නවසීලන්ත පාර්ලිමේන්තු රැස්වීමක් නැරඹීමට එක් වු අතර එහිදි මන්ත්‍රීවරියන්ට උණුසුම් පිළිගැනීමක් හිමිව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු මන්ත්‍රීවරියන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකාවන් කිහිපදෙනෙකු මෙම අධ්‍යාපන චාරිකාවට එක්වුණා.
නවසීලන්ත පාර්ලිමේන්තුවට පැමිණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් උණුසුම් ලෙස පිළිගැනුනු අතර නවසීලන්ත පාර්ලිමේන්තුවේ කාතානායක ඒඩ්‍රියන් රුරාවේ මහතා සමග ද ඔවුන් සාකච්ඡාවක නිරත වුණා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ මහලේකම් ඩෙවිඩ් විල්සන් මහතා අතර ද සාකච්ඡාවක් පැවැත්වුණා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් නවසීලන්ත පාර්ලිමේන්තුවේ නැරඹුන් චාරිකාවක් ද සංවිධාන කොට තිබුණා.
The post පාර්ලිමේන්තු මන්ත්රීවරියන් නවසීලන්තයේ අධ්යාපන චාරිකාවක appeared first on ITN News.