EPF පෙත්සම නිෂ්ප්රභ කෙරේ
සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය සියයට 9 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්රභ කිරීමට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.