සෞඛ්ය ඇමතිට එරෙහිව නාවලපිටිය ප්රදේශයෙන් අත්සන් දස දහසක් සහිත පෙත්සමක්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ඒ නියමිත විශ්වාසභංග යෝජනාවට සහය පළ කිරීම සඳහා අත්සන් දසදහසක් සහිත පෙත්සමක් අත්සන් කිරීම නාවලපිටිය ප්‍රදේශයෙන් අද ආරම්භ කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා විසින් මෙම අත්සන් ලබා ගැනිමේ වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අත්සන් දස දහස සහිත පෙත්සම කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
The post සෞඛ්ය ඇමතිට එරෙහිව නාවලපිටිය ප්රදේශයෙන් අත්සන් දස දහසක් සහිත පෙත්සමක් appeared first on ITN News.