පුහුල්පොලේ ජලය උමා ඔය දිගේ ඩයබරාවට
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඩයරබා ජලාශය විවෘත කිරීම සහ මංගල දියවර නිකුත් කිරීම අද සිදු කෙරුණා. මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම ජලාශය වන පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශය වෙත උමං මාර්ගයක් ඔස්සේ ජලය රැගෙන ඒම සිදු කෙරෙනවා.
කුඹුරු අක්කර පහලොස්දහසක් අලුතින් වගා කිරීම් ඇතුළු කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම මෙගාවෝට් 120ක් ජාතික පද්ධතියට එක් කිරීම, කුඩා වැව් 100කට ජලය සැපයීම ඇතුළු සුවිශේෂි ව්‍යාපෘති රැසක් මෙම ජලාශය තුළින් සිදු කිරීම සැලසුමයි.
2011 වසරේ ආරම්භ කෙරුණු උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය විවිධ අභියෝග හේතුවෙන් අතරමග නතර කෙරුණා. වෙල්ලස්සේ උමාඔය ද්‍රෝණියේ වෙසෙන ගොවි ජනතාවගේ ජීවන ගමන් මගේ නව පරිච්ඡේදයක් අරඹමින් බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙසයි උමා ඔය ආරම්භ කෙරුණේ. ඉරාන රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව ව්‍යාපෘතිය සදහා රුපියල් කෝටි දස දහසකට අධික සංඛ්‍යාවක් ආයෝජනය කර තිබෙනවා. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ජලාශයක් වන ඩයරබා ජලාශය පිරිවීම සහ එහි මංගල දියවර නිකුත් කිරීම අද සුබ මොහොතින් සිදු කෙරුණා. මාතැටිල්ල ඔය හරස් කරමින් ඩයරබා ප්‍රදේශයේ මෙම ජලාශය ඉදිකර තිබෙනවා. මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම ජලාශය වන පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශය වෙත උමං මාර්ගයක් ඔස්සේ ජලය රැගෙන ඒම සිදු කෙරෙන අතර එම ජලාශයේ සිට යළි උමං මාර්ගයක් ඔස්සේ කරදගොල්ල දක්වා විදුලි බල නිෂ්පාදනය සදහා ජලය ගෙන යාම සැලසුමයි.
රොෂාන් රණසිංහ, නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් ද ශෂින්ද්‍ර රාජපක්ෂ, චාමර සම්පත් දසනායක යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා. ඩයරබා ජලාශය මගින් කෘෂි කර්මාන්තයට ජලය නිකුත් කිරීමට අමතරව ජාතික විදුලි බල පද්ධතියට මෙගාවෝට් 120ක ධාරිතාවක් එකතු කිරීම පහළ ඌව ප්‍රදේශයේ වැව් 100කට ජලය ලබාදීම, කිරිඳිඔය මිටියාවත දක්වා ප්‍රදේශයට පානීය ජලය සැපයීම, කුඹුරු අක්කර 15000ක් පමණ අලුතින් වගා කිරීමට ජලය ලබාදීම මෙන්ම පානීය ජල අවශ්‍යතා සැපයීමට ද මෙම ජලාශය තුළින් සැලසුම් කර තිබෙනවා.
The post පුහුල්පොලේ ජලය උමා ඔය දිගේ ඩයබරාවට appeared first on ITN News.