ජ්යෙෂ්ඨ මාධ්යවේදී දඹේගොඩ ජිනදාස මහතා අභාවප්රාප්ත වෙයි
ජ්‍යෙෂ්ඨ මාධ්යවේදී දඹේගොඩ ජිනදාස මහතා අභාවප්‍රාප්ත වුණා.
දිවයින වැල්ලවාය වාර්තාකරු ලෙස කටයුතු කරමින් ජනතාව සමඟ ජනතා ගැටලු විසදීමට ඔහු නිරන්තරයෙන් සිය මාධ්‍ය මෙහෙවර ඉටුකළා.
පැල්වත්ත සීනි සමාගම ඌව පළාතේ උක්ගස් වැවීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී ඇතිවූ වාතාවරණයේ දී ඔහු විශාල මෙහෙවරක් ඉටුකළ මාධ්‍යවේදියෙකු ලෙස හැදින්විය හැකියි.
ඌවේ උක් ගොවීන්ගේ ජන දුක ගැන රටම දැනුවත් කිරීමට ජ්‍යෙෂ්ඨ මාධ්යවේදී දඹේගොඩ ජිනදාස මහතා නිරන්තරයෙන් කටයුතු කළා.
මොනරාගල් දිස්ත්‍රික් මාධ්‍ය වේදී ඉන්දික ගුරුසිංහ මහතාගේ පියානන් වන දඹේගොඩ ජිනදාස මහතාගේ දේහය වැල්ලවාය ආනපල්ලව පහේකණුව ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත්කර තිබෙනවා.
අවසන් කටයුතු ආනපල්ලව පොදු සුසාන භූමියේදී හෙට පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
The post ජ්යෙෂ්ඨ මාධ්යවේදී දඹේගොඩ ජිනදාස මහතා අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.