අයිස් සහ ජීව අත් බෝම්බයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
මිනුවන්ගොඩ ප්‍රදේශයේ අපරාධ වලට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය හා ජීව අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 750ක් හා යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් පසුව එදිනම ජා- ඇල ප්‍රදේශයෙන් විදේශ රටක නිෂ්පාදිත අත්බොම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.
මෙම සැකකරුවන් මිනුවන්ගොඩ පොලිස් නිලධාරින් ලෙස පෙනී සිට රුපියල් 92,000ක් සොරකම් කිරීම, වෙළඳ සැල් වලින් මුදල් හා දේපළ සොරකම් කිරීම් ආදී සිද්ධින් වලට අවශ්‍ය කර සිටි සැකකරුවන් බවද පොලිසිය ප්‍රකාශ කළා.
සැකකරුවන් මිනුවන්ගොඩ හා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණ වලට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post අයිස් සහ ජීව අත් බෝම්බයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.