කෙසෙල් පෙට්ටිවල සැඟවූ කොකේන් තොගයක් ස්පාඤ්ඤයෙන් සොයා ගැනේ
කොකේන් මත්ද්‍රව්‍ය ටොන් නවයයි දශම පහක් සොයා ගැනීමට ස්පාඤ්ඤ පොලිසිය සමත් වුණා.
ඉක්වදෝරයේ සිට දකුණු අල්ජර්සිරාස් වරායට රැගෙන ආ කන්ටේනරයක තිබී මෙම කොකේන් තොගය සොයා ගැනුණා. කෙසෙල් පෙට්ටි තුළ සඟවා මේවා ප්‍රවාහනය කර තිබෙනවා. කන්ටේනරයක තිබී ස්පාඤ්ඤය සොයා ගත් විශාලතම කොකේන් තොගය මෙයයි. මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගැනීම යුරෝපයේ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරු පහරක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post කෙසෙල් පෙට්ටිවල සැඟවූ කොකේන් තොගයක් ස්පාඤ්ඤයෙන් සොයා ගැනේ appeared first on ITN News.