නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් පාසල් සංවර්ධනය කිරීම ඇරඹෙයි
නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් පාසල් සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා.
නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 34ක් මූලික කර ගනිමින් ක්‍රියාත්මකයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මිනුවන්ගොඩ අධ්‍යාපන ව්‍යුහ කමිටු රැස්වීමේ දී මෙම කරුණු හෙළිකෙරුණා.
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 160න් 34ක් පළමු අදියරේ දී සංවර්ධනය කෙරෙනවා.
එම සියලු සැලසුම් නාගරික සංවර්ධන අධිකාරියේ වරලත් ඉංජිනේරුවරුන් හා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මකයි.
පාසල් සංවර්ධනය සදහා සකස් කර ඇති සැළසුම් සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් ඇතුළු නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කෙරුණා.
මේ අතර මෙම හමුවෙන් අනතුරුව වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූවා.
The post නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් පාසල් සංවර්ධනය කිරීම ඇරඹෙයි appeared first on ITN News.