ශ්රී ලංකාවේ අඩු විමෝචන ආහාර නිෂ්පාදනය සඳහා නව විසඳුම් ව්යාපෘතියක්
ශ්‍රී ලංකාවේ අඩු විමෝචන ආහාර නිෂ්පාදනය සඳහා නව විසඳුම් ව්‍යාපෘතිය ( New Solutions for Low – Emission Food Production in Srilanka) කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී දියත් කර්මාන්ත හා වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත් වුණා.
කර්මාන්ත අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය සමඟ එක්ව ජාතික පිවිතුරු මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ශ්‍රී ලංකාවේ අඩු විමෝචන ආහාර නිෂ්පාදනය සඳහා නව විසඳුම් ව්‍යාපෘතිය සඳහා ජර්මනියේ IKI (International Climate Initiative ) ආයතනය විසින් යුරෝ 113 905 ක මුදලක් ලබාදී තිබේ.
ඒ අනුව ඉදිරි වසර 2 සඳහා ශ්‍රී ලංකාවේ ආහාර කර්මාන්ත අංශයේ බලශක්ති කළමනාකරණයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට ජර්මනියේ සහාය ලැබේ.
මෙම ව්‍යාපෘතිය මඟින් තෝරාගත් ආහාර නිෂ්පාදන කර්මාන්ත 25 ක බලශක්ති කළමනාකරණය කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සඳහාත් කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් වැනි හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහාත් කටයුතු කරනු ලබන අතර නියමිත ක්‍රමවේදය සපුරාලන ආහාර නිෂ්පාදන කර්මාන්ත සඳහා ISO 50001 සහතිකය ලබාදීමද සිදුවෙයි. වසර 2 අවසන් වන විට එම කර්මාන්තවල බලශක්ති භාවිතයේ කාර්යක්ෂමතාව 20% කින් ඉහළ නැංවීමටත්, අපේක්ෂා කරයි.
එමෙන්ම 2030 වසර වන විට ලංකාවේ පුනර්ජනනීය බලශක්ති භාවිතය සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් දක්වා ඉහළ නැංවීමටත්, 2050 වන විට ශ්‍රී ලංකාව 100% ම පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු කිරිමටත් , 2030 වසර වන විට 50% ක් දක්වා කාබන් විමෝචනය අඩු කර, එය 2050 වසර වන විට 0% ක් දක්වා කිරීමත් රජයේ අරමුණ වී තිබෙයි.
මෙහිදී IKI (International Climate Initiative ) ආයතනයේ ප්‍රධානී Frank Krame මහතා විසින් ජර්මනියේ සිට Zoom තාක්ෂණය ඔස්සේ උත්සව සභාව ඇමතීමට එක්විය.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, අතිරේක ලේකම් චමින්ද පතිරාජ මහතා, ජාතික පිවිතුරු මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර මහතා, UNIDO ශ්‍රී ලංකාහි ජාතික අධ්‍යක්ෂක නවාස් රාජාබ්දීන් මහතා, රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන්, ව්‍යවසායකයින් , කර්මාන්තකරුවන් ඇතුඵ විශාල පිරිසක් එක්වූහ.
The post ශ්රී ලංකාවේ අඩු විමෝචන ආහාර නිෂ්පාදනය සඳහා නව විසඳුම් ව්යාපෘතියක් appeared first on ITN News.