විශේෂ කාර්ය බළකායේ 39 වන රණවිරු ගුණ සැමරුම අද
විශේෂ කාර්ය බළකායේ 39 වන රණවිරු ගුණ සැමරුම අදට (01) යෙදී තිබෙනවා.
විශේෂ කාර්ය බළකාය කටුකුරුන්ද පුහුණු පාසලේ රණවිරු ස්මාරකය අබියස රණවිරු සැමරුම් උත්සවය අද (01) පැවැත්වෙන අතර ඊට සමගාමීව විශේෂ කාර්ය බළකාය අනුරාධපුර, කතරගම, අම්පාර කඳවුරුවල රණවිරු ස්මාරක අබියසද රණවිරු සැමරුම් උත්සව පැවැත්වේ.
1984 වසරේ සැප්තැම්බර් මස 01 වන දින සිට මේ දක්වා විශේෂ කාර්ය බලකායේ, නිලධාරීන් 464 දෙනෙකු තම මාතෘ භූමිය නිදහස් නිවහල් දේශයක් බවට පත් කිරීම උදෙසා රුදුරු ත්‍රස්තවාදය හමුවේ වීරෝධාර ලෙස සටන්වැදී දිවි පුදා ඇති අතර, නිලධාරීන් 774 දෙනෙකු ආබාධිත තත්වයේ ඇත.
The post විශේෂ කාර්ය බළකායේ 39 වන රණවිරු ගුණ සැමරුම අද appeared first on ITN News.