වාරිමාර්ග සහ මහවැලි අමාත්යංශයේ නිළධාරීන් සහ ඇමති කංචන අතර සාකච්ඡාවක්
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පවතින ගැටළු කිහිපයක් පිළිබඳව වාරිමාර්ග සහ මහවැලි අමාත්යංශයේ නිළධාරීන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
එහදී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සුදුසු ඉඩම් හඳුනාගැනීම, හඳුනාගත් ඉඩම් ලබා දීමේදී සුදුසු ආයෝජකයන් වෙත පමණක් ලබා දීම සහ ඉඩම් ලබා දීමේදී සහ කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමේදී මහවැලි අධිකාරිය මගින් අය කරන පවතින ගාස්තු සහ යෝජිත ගාස්තු සංශෝධනය කර ගැනීම වෙනුවෙන් සාකච්ඡා කරනු ලැබුණි.
මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම්, වාරිමාර්ග සහ මහවැලි අමාත්‍යංශයේ ලේකම්, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, විදුලිබල මණ්ඩලයේ සභාපති, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අමාත්‍යංශය සහ ආයතන නිළධාරීන් සහබාගී වනු ලැබුණි.
The post වාරිමාර්ග සහ මහවැලි අමාත්යංශයේ නිළධාරීන් සහ ඇමති කංචන අතර සාකච්ඡාවක් appeared first on ITN News.