දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කැලණිවැලි දුම්රිය මාර්ගයේ නාරහේන්පිට සිට නාවල දෙසට ඇති දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතුත්තක් හේතුවෙන් තාවකාලිකව වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා
එම මාර්ගය සැප්තැම්බර් මස 09 වනදා පෙරවරු 8.00 සිට පස්වරු 2.00 කාලයට තුළ අර්ධ වශයෙන් වසා දමන බවයි සඳහන් වන්නේ.
එදින පස්වරු 8.00 සිට 10 වනදා පෙරවරු 6.00 දක්වා සම්පූර්ණ වශයෙන් වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා
එම මාර්ගය වසා දැමෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා
The post දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් appeared first on ITN News.