ඇස් නොපෙනෙන තිවංක මහනුවරින් පළමු තැනට
උසස් පෙළ විභාගයේ විශිෂ්ටයන් අතර සුවිශේෂි වු තවත් විශිෂ්ටයන් ද සිටියා.
ඔවුන් අතරින් ඇතැමුන්ගේ ප්‍රතිඵල විශේෂ වන්නේ ඒ හා බැදුණු විශේෂ කතාවන් පවතින නිසා.
මේ ගෙලිඔය ශ්‍රී පඥ්ඥාරතන මධ්‍ය මහා විද්‍යාලයේ තිවංක රණබාහු ඔහු මෙවර උසස් පෙළ විභගායෙන් මහනුවර දිස්ත්‍රික්කයේ කලා අංශයේ ප්‍රථමයා.
උඩුනුවර වේගිරිය ප්‍රදේශයේ පදිංචි තිවංක මෙවර උසස් පෙළ විභාගයෙ දී කලා අංශයට පෙනී සිටියේ සිංහල / බෞද්ධ සංස්කෘතිය / ජන සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂන් හදාරලයි.
තිවංක පූර්ණ දෘශ්‍යාබාධිත දරුවෙක් ඔහු මෙම තත්ත්වයට පත්ව ඇත්තේ පාසල් 10 වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදීයි.
ඉන්පසු ඔහු වාචික ක්‍රමය භාවිත කරමිනුයි අධ්‍යාපනය ලැබුවේ.
The post ඇස් නොපෙනෙන තිවංක මහනුවරින් පළමු තැනට appeared first on ITN News.