මත්ද්රව්ය සහ පාතාල ක්රියාකාරකම් සම්බන්ධ වාර්තා කිරීමට විශේෂ කමිටුවක්
මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා විශේෂ කමිටුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කර ඇතැයි බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
ශ්‍රී ලංකාව තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ මැඩලීම හා පොලිසියේ කාර්යභාරය මැයෙන් අද (06) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියා.
මෙහිදී සංවිධානාත්මක අපරාධ කල්ලි හා ඒ හා සම්බන්ධ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා කෙටිකාලීන හා දීර්ඝකාලීනව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව අධ්‍යයනයකින් පසුව ඒ සම්බන්ධ නිර්දේශයන් එහිදී ඉදිරිපත් කරන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා
The post මත්ද්රව්ය සහ පාතාල ක්රියාකාරකම් සම්බන්ධ වාර්තා කිරීමට විශේෂ කමිටුවක් appeared first on ITN News.