කූඨ වීසා බලපත්රයකින් ඉතාලියට යන්න හැදූ තරුණයෙකු අත්අඩංගුවට
කූඨ ලෙස සකස් කළ පෝලන්ත නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු 23 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
මොහු කටාර් රාජ්‍යයේ දෝහා බලා පස්වරු 06.40 ට පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 217 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එහිදී ඔහු සිය නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත ඉදිරිපත් කළ ලියකියවිලි පිළිබඳව ඇති වූ සැකය මත මෙම තරුණයා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා වලදී මෙම පෝලන්ත නේවාසික වීසා බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ එකක් බව සනාථ වූ අතර, ඉන්පසුව මෙම තරුණයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම වීසා බලපත්‍රය රුපියල් ලක්ෂ 40 ක් තැරැව්කරුවෙකුට ලබා දී සකස් කරවා ගත් බව අනාවරණය වුණා.
ඉන් අනතුරුව තවදුරටත් ඔහු රැගෙන විත් තිබූ අත් බෑගය පරීක්ෂා කිරීමේ දී ඒ තුළ ව්‍යාජ ආගමන විගමන මුද්‍රා සටහන් දෙකක් සහිත තවත් ගමන් බලපත්‍රයක්, ශ්‍රී ලංකා ආගමන විගමන මුද්‍රාවක් සහ ගල්ෆ් ගුවන් සේවයේ ව්‍යාජ ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් ද තිබී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.
ඉන්පසුව ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් මෙම තරුණයා අත් අඩංගුවට ගෙන ඔහුගේ කූඨ ලේඛන සියල්ල ද සමඟ, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
The post කූඨ වීසා බලපත්රයකින් ඉතාලියට යන්න හැදූ තරුණයෙකු අත්අඩංගුවට appeared first on ITN News.