දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්යය බෙල්ලන්විල රජ මහා විහාරයට වැඩම කරවයි
බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා පනාගොඩ බෝධිරාජාරාමයේ තැන්පත් කර තිබු දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය අද (සැප් 9) බෙල්ලන්විල රජ මහා විහාරයට වැඩම කරවීම සිදු වුණා.
සර්වඥ ධාතූන් වහන්සේලා හා චූඩා මාණික්‍යය වැඩ සිටින රන්සිවිගෙය හේවිසි පුජා මධ්‍යයේ අලංකාර පෙරහැරකින් බෙල්ලන්විල රජ මහා විහාරයට වැඩම කරවූ අතර, සැප්තැම්බර් 10 සහ 11 යන දිනයන් හි බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා එම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.
අනතුරුව මෙම ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය මෙම මස 12 වන දින පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනේදිත්, 13 වන දින රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනේදිත් , 14 වන දින මහරගම ධර්මායතනයේදීත්, 15 වන දින කෝට්ටේ රජමහා විහාරයේදීත් සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමට සැදැහැවත් ලක්වාසි ජනී ජනයාට මින් අවස්ථාව උදාවෙනවා.
The post දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්යය බෙල්ලන්විල රජ මහා විහාරයට වැඩම කරවයි appeared first on ITN News.