How can Sri Lankan charities find international donors and partners?

ජනපති ආරම්භ කළ පාසල් ප්රාග්ධන වෙළඳපොළ සංගම් අනාගත ආයෝජනයක්

- itnnews.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා පාසල් 100ක පිහිට වූ ප්‍රාග්ධන වෙළඳපොළ සංගම් අනාගත ආයෝජනයක් බව කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරණායක මහතා පවසනවා.

මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම ප්‍රවර්ධනයට සුදුසුම පිරිස වන්නේ සිසු පරපුර බවත් පාසල් තුළින් එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ඉතා කාලෝචිත බවත් ඒ මහතා සඳහන් කළා.

කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරණායක මහතා මේ අදහස් පළ කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කළ ‘වන් – ඕ – වන් කතා’ වැඩසටහනට පසුගියදා එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජීව බණ්ඩාරණායක මහතා,

“‘ප්‍රාග්ධන වෙළෙඳපොල සංගම්’ මගින් සිසුන් වෙත කොටස් වෙළෙඳපොළ වඩා විධිමත් ලෙස හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම වැඩසටහනෙහි පළමු අදියරේ දී උසස් පෙළ ප්‍රතිඵල අනුව වාණිජ අංශයේ විශිෂ්ඨතම ප්‍රතිඵල පෙන්වූ පාසල් 100ක් තෝරා ගෙන ඒවායේ ප්‍රාග්ධන වෙළෙඳපොල සංගම් 100ක් පිහිටුවීම සිදු කෙරෙනවා.

මෙමගින් සිසුන්ට ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

සිසුන්ට දැනුම මෙන්ම ප්‍රායෝගික අධ්‍යයනයක් ලබා ගැනීමටත් මෙමඟින් අවස්ථාව හිමි වෙනවා.

පාසැල් තුළ බැංකු ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් ලබා දුන්නත් , ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව දැනුම ලබා දීම අඩු මට්ටමකයි තිබෙන්නේ.

ඒ වගේම මූල්‍ය සාක්ෂරතාවත් අඩු තත්ත්වයකයි පවතින්නේ.

එම නිසා වාණිජ විෂය ධාරාවට පමණක් සීමා වූ දැනුම ඉන් එහාට පුළුල් කිරීමට, එනම් කලා, විද්‍යා, ගණිත ආදී ඕනෑම අංශයක සිසුන්ට මෙම සංගම් හරහා ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව යම්කිසි දැනුමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ තුළින් දරුවන් තුළ මුල්‍ය අධ්‍යයනයේ නව මානයක් ඇති කිරීමට අප අදහස් කරනවා.

මෙහිදී අප උත්සාහ කරන්නේ වැඩමුළු, සම්මන්ත්‍රණවලට අමතරව ප්‍රායෝගික වශයෙන් වැඩි දැනුමක් ලබා දීමටයි.

වත්මන් සිසු පරපුර අනාගතයේ සමාජගත වන විට ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ ඔවුන් සතු දැනුම අවබෝධය කෙසේ විය යුතුද යන්න ඉලක්ක කර ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.

ඒ අනුව ඔවුන් සමාජගත කිරීමට සූදානම් කිරීමකුත් මෙමගින් සිදු වෙනවා.

විශේෂයෙන් තමන්ටම ව්‍යවසායකයෙක් වී ඵලදායී අන්දමට තමන්ගේ මෙන්ම රටේ දියුණුවටත් සම්බන්ධ වීමට ඔවුන් උනන්දු කෙරෙනවා.

මෙම වැඩසටහනේ අංග කිහිපයක් තිබෙනවා. එහිදී දැනුම, අවබෝධය සඳහා වැඩමුළු පැවැත්වීම මෙන්ම තරගයක් පැවැත්වීම මඟින් ප්‍රායෝගික දැනුම වර්ධනය කර ගැනීමටත් සිසුන් උනන්දු කරවනවා.

විශේෂයෙන් පාසල්වලට රුපියල් ලක්ෂය බැගින් ලබා දී ඒවා ආයෝජනය කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දීමත් ඒ තුළින් ඔවුන් ලබන සාර්ථකත්වය මත එම පාසල්වලට ත්‍යාගයක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා.

ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි පළමු ස්ථානය ලබා ගන්නා පාසලේ ප්‍රාග්ධන වෙළෙඳපොල සංගමයේ සාමාජිකයන් 10 දෙනා සහ සංගමය බාර ගුරුවරයාට සිංගප්පූරුවට ගොස් එහි කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් අප සකස් කරමින් සිටිනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් හුවමාරුව සහ ජනාධිපති කාර්යාලයේ අධික්ෂණය යටතේ මෙම වැඩකටයුතු ක්‍රියාත්මක කෙරෙනවා.

අද රටක් ලෙස අපට ආර්ථික වශයෙන් යම් යම් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ අප අතර බහුතරයකගේ මූල්‍ය සාක්ෂරතාව අවම වීමයි.

පාසල් දරුවන්ගේ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳව වෙනත් රටවල් සමඟ සංසන්දනය කිරීමේ දී අප සතුටුදායක ස්ථානයක නැහැ.

එය වැඩි දියුණු කිරීම ඉතා වැදගත්.

එමඟින් අනාගත පරපුර රටේ ආර්ථිකයට වඩාත් ඵලදායී අන්දමින් සහභාගී වීමේ ප්‍රවණතාවක් ඇති වන බව විශ්වාසයි.

ඒ වගේම පෞද්ගලික සාර්ථකත්වයටත් මූල්‍ය අධ්‍යාපනය ඉතා වැදගත් සාධකයක් බව කිවයුතුයි.

ඒ වගේම සුළු පරිමාණ ව්‍යාපාරවලටත් කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ වී ප්‍රාග්ධනයක් ලබා ගෙන ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමට දැන් අවස්ථාව තිබෙනවා.

ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මේ දැනුම ඉවහල් වෙනවා.

ඉන්දියාව වැනි දියුණු ආර්ථිකයක් සහිත රටවල ප්‍රාග්ධන වෙළෙඳපොළ කියන්නේ බෙහෙවින් භාවිත වන එකක්.

කොටස් වෙළෙඳපොළක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය දළ ජාතික නිශ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස ගණනය කරනවා.

එය ලංකාවේ නම් 25%ක් පමණ වෙනවා.

එය ඉන්දියාව වැනි රටක 80%- 85% ක් , මැලේසියාව 100%ක් පමණ ඉහළ අගයක් ගන්නවා.

ඒ අනුව කොටස් වෙළෙඳපොළේ දායකත්වය රටක ආර්ථිකයට ඉතා ඉහළ බලපෑමක් සිදු කරන බවට එය හොඳ උදාහරණයක් වෙනවා.

අපේ ‍රටේ කොටස් වෙළෙඳපොළත් එම තත්ත්වයට ගෙන යා යුතුයි.

ඒ සඳහා මූල්‍ය සාක්ෂරතාවත් ඉහළ තත්ත්වයක තිබිය යුතුමයි.

මෙම ප්‍රාග්ධන වෙළෙඳපොල සංගම් මඟින් උත්සාහ කරන්නේ ඒ තත්ත්වය ඇති කිරීමටයි.

කොටස් වෙළෙඳපොළ කටයුතු සිදු කෙරෙන්නේ ඩිජිටල් ක්‍රමයට නිසා අද තරුණ පරපුරට එය හැසිරවීම වඩාත් පහසු වෙනවා.

මොකද මේ සියලු කටයුතු ඇඟිළි තුඩේ දුරිනුයි තිබෙන්නේ.

ලෝකයේ ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකතනය හරහා කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු හැසිරවීම් කළ හැකියි.

එය ප්‍රචලිත කිරීම වඩාත් සුදුසු වන්නේ පාසැල් මට්ටමින් බව ජනාධිපතිතුමා තීරණය කර තිබෙන්නේ පාසැල් සිසුන් හා ඩිජිටල් තාක්ෂණය අතර පවතින මෙම සමීප බව නිසයි.

ඇත්තටම ජනාධිපතිතුමාගේ එම අදහස ඉතා ‍කාලෝචිතයි.

එය සාර්ථක වන බවට දැඩි විශ්වාසයක් අප තුළ තිබෙනවා.

සම්ප්‍රදායිකව රජයෙන් රැකියා ලබා දෙන තුරු බලා නොසිටින්නට නම් පාසල් සිසුන් අලුත් විදියට සිතන්න ඕන.

ඩිජිටල්කරණය හා තාක්ෂණය සමඟ වත්මන් තරුණ පරපුරට ගෝලීය වශයෙන් ලැබෙන අවස්ථා අසීමිතයි.

අප මේ තුළින් සිදු කරන්නේත් ඔවුන්ට ඒ සඳහා මඟ පෙන්වීමක් ලබාදීමයි.

අප සිසු පරපුර අතරට ගෙන යා යුත්තේ ව්‍යවසායකත්වයයි.

අප මෙම වැඩසටහන තුළින් එම වගකීම ඉටු කරන බව කිව යුතුයි.”

 

 

The post ජනපති ආරම්භ කළ පාසල් ප්රාග්ධන වෙළඳපොළ සංගම් අනාගත ආයෝජනයක් appeared first on ITN News.

You may also like

- colombogazette.com

By Easwaran Rutnam Former Army Commander, Field Marshal Sarath Fonseka, has decided to contest for Presidency at the upcoming Presidential election, Daily Mirror learns. Sources close to Fonseka said that the current Chairman of the Samagi Jana Balawegaya (SJB) will make a formal announcement in June. Fonseka is to contest as an independent candidate instead […]

- adaderana.lk

The Department of Fisheries and Aquatic Resources (DFAR) has advised all those engaged in naval and fishing activities not to venture out to sea until further notice.

- adaderana.lk

Sri Lanka Customs officer have arrested a Filipino woman at the Bandaranaike International Airport (BIA) along with 02 kilograms and 851 grams of cocaine estimated to be worth over Rs 200 million.

- adaderana.lk

State Minister for Social Empowerment Anupa Pasqual, emphasized that new laws are being introduced to facilitate the use of uncultivated land for agricultural purposes as land is vital for social empowerment.

- colombogazette.com

India, one of the world’s fastest-growing markets The advancement of artificial intelligence (AI) has been transformative, revolutionizing industries and reshaping economies globally. AI technologies, encompassing machine learning, neural networks, and natural language processing, are driving innovation in various sectors, including healthcare, finance, and transportation. These advancement...

- adaderana.lk

Minister of State for Finance Ranjith Siyambalapitiya has said that new liquor licenses will be issued only based on factors such as the country s population and tourist arrivals.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc