පෞද්ගලික ඉඩම්වල පයිනස් දැව කැපීමට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අවධානය
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා බහුකාර්ය නිලධාරීන් බඳවා ගැනීම තුළින් අලි මිනිස් ගැටුම් වළක්වා ගැනීම සඳහා පියවර ගත හැකි බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පවසනවා.
දැනට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන බහුකාර්ය නිලධාරීන් එම දෙපාර්තමේන්තුවටම ස්ථිර සේවයට බඳවා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු අලින්ගෙන් සිදුවන බලපෑම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග සඳහා ඔවුන් සම්බන්ධ කළ හැකි බවත් අමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළා.
අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ඉහත ප්‍රකාශය කළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අලි මිනිස් ගැටුම් වැළැක්වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ගැටළුවලට පිළිතුරු ලබාදෙමින්.
අලි-මිනිස් ගැටුම් වැළැක්වීමට දැනටමත් යොදවා සිටින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් අඛණ්ඩව සේවයේ යෙදෙන අතරම ඉහත බහුකාර්ය නිලධාරීන් බඳවා ගන්නේ නම් අලි ගම්වැදීම වැළැක්වීම සඳහා දිවා රාත්‍රී සෝදිසි මෙහෙයුම්ද සිදු කළ හැකි බව බව මන්ත්‍රීවරු සඳහන් කළා.
එසේම පෞද්ගලික ඉඩම් ඇතුළු ස්ථානවල වගා කර ඇති පයිනස් දැව කැපීමට ඇති බාධා පිළිබඳවද මන්ත්‍රීවරු අමාත්‍යවරියගේ අවධානයට යොමු කළා.
පෞද්ගලික ඉඩම්වල පයිනස් දැව කැපීමට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අවධානය යොමුකරන බව අමාත්‍යතුමිය මෙහිදී සඳහන් කළා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට සිදුකරමින් පවතින නව වනාන්තර සීමා නිර්ණය කිරීම හේතුවෙන් පරම්පරා ගණනාවක් තිස්සේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට (LRC) අයත්ව තිබූ ඉඩම්වල කෘෂිකර්මාන්තයේ යෙදී සිටින පුද්ගලයින්ට බලපෑම් එල්ල වී ඇති බව සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්නා.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසද අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරු, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සහභාගී වුණා.
The post පෞද්ගලික ඉඩම්වල පයිනස් දැව කැපීමට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අවධානය appeared first on ITN News.