ඕස්ට්රේලියාවේ ක්වන්ටාස් ගුවන් සේවය සේවකයින් 1700ක් ඉවත් කිරීම නීති විරෝධී බව එරට අධිකරණය තීන්දු ...
ඕස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සේවය සේවකයින් 1700 දෙනෙකු ඉවත් කර ඇති ආකාරය නීති විරෝධී බව අධිකරණය තීන්දු කර තිබෙනවා.
කොරෝනා වසංගත ව්‍යාප්ති සමයේදී ක්වන්ටාස් ගුවන් සමාගම රැකියා කප්පාදුවක් සිදු කළා.
එහිදී ඉවත් කළ සේවකයින් 1700 දෙනෙකු ඉවත් කිරීමේ ක්‍රමවේදය නීති විරෝධී බව ඕස්ට්‍රේලියා මහාධිකරණය අද තීරණය කළා.
2020 වසරේ නොවැම්බර් මාසයේදී මෙය සිදුව ඇති අතර ගුවන්තොටුපල 10 ක සේවකයින් මෙලෙස ඉවත් කර තිබෙනවා.
ක්වන්ටාස් ගුවන් සමාගමේ මෙම ක්‍රියා කලාපය හරහා ඕස්ට්‍රේලියාවේ කම්කරු නීති උල්ලංඝනය වී ඇති බවයි අධිකරණය පෙන්වා දෙන්නේ.
කෙසේ වුවද රැකියා කප්පාදුව සම්බන්ධයෙන් ක්වන්ටාස් සමාගම සේවකයින්ගෙන් සමාව අයැද සිටින අතර මූල්‍යමය තත්ත්වය යටතේ එය සිදු කළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
The post ඕස්ට්රේලියාවේ ක්වන්ටාස් ගුවන් සේවය සේවකයින් 1700ක් ඉවත් කිරීම නීති විරෝධී බව එරට අධිකරණය තීන්දු කරයි appeared first on ITN News.