දෙකඩ වී තිබූ උඩවලව ජාතික වනෝද්යානය එක්කරන නව ව්යාපෘතියක්
දෙකඩ වී තිබූ උඩවලව ජාතික වනෝද්‍යානය එක්කර සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දින ගැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා.
උඩවලව ජාතික වනෝද්‍යානය දෙකඩ කරමින් වනෝද්‍යානය හරහා වලවේ ගඟ ගලා බැසීම සිදුවනවා.
ඒ හේතුවෙන් සංචාරකයන්ට බොහෝ විට සිදුවන්නේ වනෝද්‍යානයේ එක් කොටසක් පමණක් නැරඹීමටයි.
මෙම ගැටලුවට විසදුමක් සපයමින් වලවේ ගඟ හරහා පාළමක් ඉදි කිරිමේ කටයුතු ආරම්භ කෙරුණා.
මීටර් 60ක් දිග මෙම පාළම ඉදි කිරීමට රුපියල් ලක්ෂ 1700ක් වැය කෙරෙනවා.
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රදානත්වයෙන් ඉදි කිරීම් කටයුතු ආරම්භ කෙරුණු අතර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර , පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ද සොයිසා යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා.
The post දෙකඩ වී තිබූ උඩවලව ජාතික වනෝද්යානය එක්කරන නව ව්යාපෘතියක් appeared first on ITN News.