ශ්රී ලංකා – ඊජිප්තු ද්විපාර්ශවික සබඳතා ගොඩනගා ගැනීම කෙරෙහි අවධානය
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති Maged Mosleh මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.
2023 දේශගුණ සමුළුවේදී ඊජිප්තු අගමැති ආචාර්ය මොස්ටාෆා කමල් මැඩ්බුලි මහතා සහ රුවන් විජයවර්ධන මහතා අතර සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් ගැන සමාලෝචනයක් මෙම හමුවේ දී සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර ද්විපාර්ශවික සබඳතා ගොඩ නගා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී වැඩිදුරටත් අදහස් හුවමාරු වී ඇත.
The post ශ්රී ලංකා – ඊජිප්තු ද්විපාර්ශවික සබඳතා ගොඩනගා ගැනීම කෙරෙහි අවධානය appeared first on ITN News.