යාපනයේ නිවසකට පෙට්රල් බෝම්බ ප්රහාරයක්
යාපනය චුන්නාකම් තාවඩි ප්‍රදේශයේ නිවසකට එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් පස් දෙනෙකු තුවාල ලැබුවා. සිද්ධියට සම්බන්ධ තරුණයින් තුන්දෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුහුණු ආවරණය කරගෙන පැමිණි පිරිසක් මෙම නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර පළා ගොස් තිබෙනවා. නිවස තුළ සිටි පස් දෙනෙකු ඉන් තුවාල ලබා ඇති අතර ඔවුන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් නිවසේ දේපලවලට හානි සිදුව ඇති බවත් පොලිසිය පවසනවා.
මෙසේ තුවාල ලබා ඇත්තේ මව, පියා, පුත්‍රයා සහ දියණියන් දෙදෙනායි.
සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ක්‍රියාත්මක කළ චුන්නාකම් පොලීසිය සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ප්‍රේම සම්බන්ධතාවක් බිද වැටීම මත පෙම්වතා තම මිතුරන් පිරිසක් සමග පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වැඩිදුර විමර්ශනවලදී හෙළි වි ඇත්තේ.
The post යාපනයේ නිවසකට පෙට්රල් බෝම්බ ප්රහාරයක් appeared first on ITN News.