අධි සුඛෝපභෝගී බස්රථ 50 ක් ඉදිරියේදී නැවත ධාවනයට – ප්රවාහන අමාත්ය
දිනකට ලක්ෂ 50 ක ආදායමක් ලංගමට අහිමි කරමින් ධාවනයෙන් ඉවත් කර ඇති අධි සුඛෝපභෝගී බස්රථ 50 ක් ඉතිරි මාස හය තුළ නැවත ධාවනයට එක් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
දිනකට රුපියල් ලක්ෂයකට වඩා ශුද්ධ ලාභයක් ඉපයිය හැකි මෙම බස් රථ 50 කට අධික ප්‍රමාණයක් කටුබැද්ද අංගනයේ ගාල්කර තිබෙන බවත්, ඒ පිළිබඳ විශේෂ සොයා බැලීමකින් අනතුරුව ඉතිරි මාස හයක කාලය තුළ මෙම බස් රථ 50 නැවත ධාවනයට එක් කිරීමට හැකි වන ආකාරයේ වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කටුබැද්ද අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවා ආයතනයේ බස්රථ අංගනයේ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමින් අමාතවරයා මේ බව කියා සිටියා.
ඒ අනුව, ලංගම වෙත විශාල ලාභයක් දෛනිකව අහිමි කරන මෙම බස් රථ කඩිනමින් අලුත්වැඩියා කර නැවත ධාවන තත්ත්වයට පත් කිරීම සඳහා උපදේශකවරයෙකු ලෙස ඉංජිනේරු කුෂාන් වෑගොඩපොල මහතා පත්කර තිබෙනවා.
විවිධ කාර්මික දෝෂ, අමතර කොටස් හිඟය ඇතුළු ගැටළු හේතුවෙන් දැනට ධාවනය සිදු නොකරන බස්රථ පනහකට අධික ප්‍රමාණයක් මෙම අංගනයේ ගාල් කර ඇති ආකාරය අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
The post අධි සුඛෝපභෝගී බස්රථ 50 ක් ඉදිරියේදී නැවත ධාවනයට – ප්රවාහන අමාත්ය appeared first on ITN News.