ජාතික තොරතුරු තාක්ෂණ හා ව්යාපාරික ක්රියාවලි කළමණාකරන වෘත්තීය ප්රදර්ශනය ලබන 11 වනදා ඇරඹෙයි

- itnnews.lk

ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමණාකරන වෘත්තීය ප්‍රදර්ශනය ලබන 11 වනදා ආරම්භ වනවා.

ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකරන සතිය (National IT and BPM Week) ආරම්භ කරමින් එහි ප්‍රධාන වැඩසටහන 2023 ඔක්තෝබර් 11,12 සහ 13 යන තෙදින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්වේ.

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ වේගවත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය දිරිගැන්වීම සඳහා නව තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය ලබාදීම, කුසලතා වර්ධනය, වෘත්තීය උපදේශනය සහ වෘත්තීය අවස්ථා ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.

බස්නාහිර පළාතේ (සා/පෙළ සහ උ/පෙළ) හදාරන පාසල් සිසුන්, රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සිසුන්, රැකියා අපේක්ෂකයන් මෙන්ම ව්‍යවසායකයින්, දැනුවත් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

දින 03ක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන කර්මාන්ත සහ වෘත්තීය උපදේශන, තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලිය, සීමාවාසික පුහුණුව සහ රැකියා අවස්ථා සඳහා වේදිකාවක් සපයනු ලබන අතර තාක්ෂණික අධ්‍යාපන ආයතන මගින් තොරතුරු තාක්ෂණ සහ ව්‍යපාර ක්‍රියාවලි පිළිබඳ වැඩමුළු පැවැත්වීමට ද නියමිතය.

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වණු අතර එහිදී තාක්ෂණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජනක සම්පත් ගීකියනගේ, ජාතික අනාගත කුසලතා මුලපිරීම් ආයතනයේ (NFTI) සභාපති මධු රත්නායක, මෘදුකාංග සේවා සමාගම් සඳහා ශ්‍රී ලංකා සංගමයේ (SLASSCOM) සභාපති ජෙහාන් පෙරින්පනායගම්, DIGIECON 2023 -2030 ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසාද් සමරවික්‍රම යන මහත්වරු ඇතුළු නියෝජිතයින් අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ කර්මාන්තය කැපී පෙනෙන වර්ධනයක් සමඟ අඛණ්ඩව ඉදිරියට යමින් තිබෙන අතර 144,000කට අධික වෘත්තිකයන්ට රැකියා අවස්ථා හිමිව තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ සුවිශේෂි භුමිකාවක් ඉටු කරන තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ අංශය මෙරට දළ දේශීය නිෂ්පාදිතයට සැලකිය යුතු දායක්තවයක් සපයනු ලබයි.

ඒ අනුව 2022 වසරේ දී මෙම අංශය ඇමරිකන් ඩොලර් බිලියන 1.7ක් පමණ උපයා ඇත. එම ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 5ක් දක්වා වර්ධනය කර ගැනීම රජයේ අපේක්ෂාවයි.

ගෝලීය වශයෙන් මේ වන විට ඩිජිටල්කරණය, ස්වයංක්‍රීයකරණය, කෘත්‍රිම බුද්ධිය වැනි නව තාක්ෂණික ක්‍රමවේද භාවිතය ඉහළ යමින් පවතී. ඒ සමග අනුගත වෙමින් අපේක්ෂිත පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා නිපුණතා වර්ධනය සිදු කළයුතුව තිබේ.

එසේම මෙරට තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා ලබා දෙමින් ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය ලක්ෂ 200,000ක් දක්වා වර්ධනය කර ගැනීම අපේක්ෂා කෙරේ.

එමෙන්ම මෙම කර්මාන්තය මඟින් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට 15%ක දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කරන අතර එය ශ්‍රී ලංකාව ආර්ථික භූ දර්ශනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කරමින් වඩාත් සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැංවීමට ඉවහල් වනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ මගපෙන්වීමෙන් තාක්ෂණ අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM), ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL), තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලය (FITIS), ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය (ICTA) සහ අනෙකුත් තාක්ෂණික අධ්‍යාපන ආයතන එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.

The post ජාතික තොරතුරු තාක්ෂණ හා ව්යාපාරික ක්රියාවලි කළමණාකරන වෘත්තීය ප්රදර්ශනය ලබන 11 වනදා ඇරඹෙයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

A motorcyclist has reportedly been injured and hospitalised after a tree fell on him while he was travelling on the Hatton- Bogawantalawa main road in the Wanarajawatta area today (22).

- adaderana.lk

An individual has been arrested in Kadawatha for allegedly impersonating an Inspector of Police (IP) of the Criminal Investigations Department (CID) and demanding a sum of Rs. 25,000 from a woman.

- adaderana.lk

The Department of Examination has announced the date for the 2024 Grade 5 Scholarship Examination.

- adaderana.lk

President Ranil Wickremesinghe paid a visit to the Iranian Embassy in Colombo this morning (22) to extend his condolences on the untimely tragic passing of the late Iranian President, Ebrahim Raisi, the President s Media Division said.

- colombogazette.com

A 10-year-old girl was killed after being run over by a private bus in Kurunduwatta, Gampola, Sri Lanka. The child had reportedly attempted to cross the road when the accident took place.  

- colombogazette.com

A Filipino woman has been arrested in Sri Lanka with cocaine worth over Rs 200 million, officials said on Wednesday. The woman was arrested at the Bandaranaike International Airport (BIA) when she arrived from Ethiopia via Doha, Qatar. The Filipino woman had 02 kilograms and 851 grams of cocaine concealed in three parcels inside her […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc