නොනවත්වා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය වෙඩි තබයි
තංගල්ලේ සිට බෙලිඅත්ත දෙසට ධාවනය වූ වෑන් රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා.
එය නතර කිරීමට අණ කර ඇතත් එය නොනවත්වා ධාවනය කරද්දීයි ටයර්වලට වෙඩි තබා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
තංගල්ල දෙස සිට බෙලිඅත්ත දෙසට ධාවනය වූ එම කැබ් රථයට සිටිනාමලුවදී සහ බෙලිඅත්ත නගරයේ නතර කරන ලෙසට අණ කර ඇතත් පොලිස් අණ නොතකා ධාවනය කර තිබෙනවා..
මෙහිදි වාහනයට හෝ එහි ගමන්ගත් දෙදෙනාට හෝ කිසිදු තුවාලයක් සිදුව නැහැ.
එහි තරුණයකු සහ 65 හැවිරිදි කතක් ගමන් කර ඇතත් සැකකටයුතු කිසිවක් සොයා ගෙන නැත.
The post නොනවත්වා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය වෙඩි තබයි appeared first on ITN News.