පින්නවල සහ කිතුල්ගල සංචාරක කළාප දියුණු කිරීමට පියවර
පින්නවල සහ කිතුල්ගල සංචාරක කළාප දියුණු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා(22) පින්නවල දි පැවැත්වුණා.
ඉන් අනතුරුව ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා පින්නවල අලි අනාථාගාරය නිරික්ෂණ චාරිකාව ද නිරත වූ අතර එහිදි එල්ටීටීඊ නායක ප්‍රභාකරන් හදාවඩා ගත් අලි සුරතලා මැණිකා ගේ ද සුවදුක් විමසුවා.
පින්නවල අලි අනාථාගාරය නිරික්ෂණ චාරිකාවේදී එහි කාර්ය මණ්ඩලය සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳ ද සාකච්ඡා කෙරුණා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ නවින් දිසානායක මහතා පැවසුවේ පසුගිය වර්ෂ වල සාපේක්ෂව විදෙස් සංචාරකයන්ගේ අඩුවිමක් දකින්නට ලැබෙන බවත් ඒ ප්‍රමාණය වැඩි කිරිම සඳහා නව ක්‍රමඋපායන් යොදාගත යුතු බවත් උදාහරණයක් ලෙස තයිලන්තය වැනි රටවල් අලි ඇතුන් සංචාරක ක්ශේත්‍රයේ යොදාගෙන ඇති ආකරය සහ නව අලෙවිකරණ සැලසුමක් මගින් පෞද්ගලික අංශයේ මැදිහත් විමත් සමඟ සංචාරක ක්ෂේත්‍රයේ දියුණු කිරිමටත් සාකච්ඡා කෙරුණා.
දැනට පින්නවල සංචාරක කළාපය සහ කිතුල්ගල සංචාරක කළාපය හි පවත්නා ගැටලු ද නව කේබල් කාර් ව්‍යාපෘතියක් මා ඔය හරහා සැදිමට සාකච්ඡා කෙරුණා.
මේ අවස්ථාව සඳහා සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ,පින්නවල සත්ත්ව උද්‍යානය හි අධ්‍යක්ෂවරිය,වන ජිවි දෙපාර්තමේන්තු නිළධාරින් සහ සංචාරක ක්ෂේත්‍රයේ නියතු පිරිස් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.
The post පින්නවල සහ කිතුල්ගල සංචාරක කළාප දියුණු කිරීමට පියවර appeared first on ITN News.