හරක් කටාව පන්නන්න හදපු දෙන්නෙක් පොලිස් දැලේ
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක්කටා නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමට උපකාර කළ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හරක්කටා නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමට පොලස් කොස්තාපල් රවිදු ගුණසේකර උපකාර කළ බව කියන සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබුණා.
ඒ අනුව හෙළිවී තිබුණේ හරක්කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණිමෙන් පසු ඔහු රැගෙන යාමට වෑන් රථයක් සූදානම් කර තිබූ බවයි. අදාළ පොලිස් කොස්තාපල්වරයා මෙම වෑන් රථයට නැගී පලාගොස් ඇති බවට ද අනාවරණය වී තිබුණා.
මෙම මෝටර් රථය පාලුහේන කෝට්ටේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් බව පොලීසිය සොයාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ හරක්කටා නමැත්තාට පලායාමට උපකාර කළ ක්‍රිෂාන් ප්‍රියසාද් සහ සංජීව කුමාර හෙවත් පොඩ්ඩා නමැති සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
ක්‍රිෂාන් ප්‍රියසාද් නමැත්තා කැස්බෑව බණ්ඩාරගම පාරේ පිහිටි සතොස ඉදිරිපිට දී අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රි රෝද රථ රියදුරෙකු වන සංජව කුමාර හෙවත් පොඩ්ඩා නමැත්තා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ඉදිරිපිටදීයි. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ දෙදෙනාම හරක්කටා නමැත්තාට අයත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයින් බවයි.
හරක්කටා රැගෙන යාම සදහා සූදානම් කර තිබූ මෝටර් රථය මාතර කැකුණදුර ප්‍රදේශයේ දී පසුගිය සතියේ සොයා ගැණුනා.
The post හරක් කටාව පන්නන්න හදපු දෙන්නෙක් පොලිස් දැලේ appeared first on ITN News.