ජාතික නීති සතිය අදින් ඇරඹේ
ජාතික නීති සතිය අදින් (25) ආරම්භ වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
අද සිට ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා මෙම නීති සතිය ක්‍රියාත්මක වන අතර මෙහිදී නොමිලේ නීතිමය උපදෙස් ලබාදී මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසඳුම් ලබාදෙන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිහිටුවා ලබන වර්ෂයේ දී වසර 50 ක් සපිරීම වෙනුවෙන් මෙම සතිය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් 27 සහ 28 යන දෙදින තුළ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය මුල් කරනිමින් ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් විසින් ජනතාවගේ නීතිමය ගැටලුවලට නොමිලේ උපදෙස් ලබාදීම සිදුකිරීමට නියමිතයි.
The post ජාතික නීති සතිය අදින් ඇරඹේ appeared first on ITN News.