IMF නියෝජිතයින් පිරිසක් සජිත් හමුවෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.
මෙම සාකච්ඡාවේදී මෙරට ආර්ථිකයය සමාජීය දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.
වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹ ඇති ගිවිසුම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කෙරුණා.
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම තුළින් සේවක අර්ථසාධක අරමුදලට සිදුකර ඇති බලපෑම සම්බන්ධයෙන් ද විපක්ෂනායකවරයා විමසා සිටියා.
සමගි ජලබලවේගය බලයට පත්වූ විගස මෙම ගිවිසුම සම්බන්ධයෙන් යළි සලකා බලා ජනතාවට හිතැති ගිවිසුමකට එළඹෙන බවයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.
The post IMF නියෝජිතයින් පිරිසක් සජිත් හමුවෙයි appeared first on ITN News.