2024 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය
2024 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
පසුගිය ජූලි මස 31 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණා.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබෙනවා.
අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.
The post 2024 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය appeared first on ITN News.