ආයුර්වේදය තුළින් විදේශ විනිමය
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආයුර්වේදය තුළින් විදේශ විනිමය උපයා ගැනීම වඩාත් පුළුල් කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
ඒ වෙනුවෙන් දේශීය වෛද්‍ය අමාත්‍යංශය හා මහර ආයුර්වේද සංරක්ෂණ සභාව එක්ව අපේකම නමින් අධ්‍යාපන සහ වෙළද ප්‍රදර්ශනයක් සංවිධාන කර තිබෙනවා.
ලබන 29 / 30 සහ ඔක්තෝබර් පළමුවනදා කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ දී ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ආයුර්වේද හෝමියෝපති වෛද්‍ය සායන මෙන්ම පාරම්පරික වෛද්‍ය පුහුණු වැඩමුළු පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.
ආයුර්වේදයට අදාළ නීතිරීති ලිහිල් කරමින් එම ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
The post ආයුර්වේදය තුළින් විදේශ විනිමය appeared first on ITN News.