නව සේවා ව්යවස්ථාවකට අනුකූලව අධ්යාපන කළමනාකරණ සේවයක්
නව සේවා ව්යවස්ථාවකට අනුකූලව අධ්යාපන කළමනාකරණ සේවයක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
දැනට පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් අතරින් තෝරාගනු ලබන පිරිසකගෙන් සමන්විතව නව සේවා ව්යවස්ථාවකට අනුකූලව අධ්යාපන කළමනාකරණ සේවය ස්ථාපිත කර සෑම පාසලකටම අවශ්‍ය පරිදි එම උපාධිධාරී නිලධාරීන් යොදවා පාසල් කළමනාකරණය යථාවත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
පළාත්, කලාප, කොට්ඨාස සහ පාසල් මට්ටමින් නම් කර ඇති දත්ත නිලධාරීන් සඳහා ජාතික මට්ටමින් පුහුණු අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් සකස් කළ දත්ත නිලධාරීන් පුහුණු කිරීමේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශ කළා.
රාජ්‍ය පරිපාලන විධිවිධානවලට අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 335ට සමානුපාතිකව කොට්ඨාස මට්ටමින් මෙම නව සේවය ස්ථාපිත කිරීම මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයීය පරිපාලනයට ද අනුගත ව පාසල් පෝෂණ වැඩසටහන්, එන්නත්කරණ වැඩසටහන් ආදිය පහසුවෙන් සිදු කළ හැකි බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.
දැනටමත් පාසල්වලට අනුයුක්තව රාජ්‍ය සේවයේ යෙදී සිටින සංවර්ධන නිලධාරීන් මෙම නව සේවයට බඳවාගැනීමෙන් රජයට අමතර ප්‍රතිපාදන වැය නොවන අතර ඔවුන්ගේ සේවය මගින් පාසල්, පාසල් සංවර්ධන මණ්ඩල, කලාප හා පළාත් යන අධ්‍යාපනයට අදාළ සියලු අංශවල කාර්යාලයීය කළමනාකරණය යථාවත් කරගැනීමට අපේක්ෂා කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
The post නව සේවා ව්යවස්ථාවකට අනුකූලව අධ්යාපන කළමනාකරණ සේවයක් appeared first on ITN News.