සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි – ඩයනා

- itnnews.lk

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගකිව යුතු රජයක් ලෙස අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත්, සංචාරකයන්ට සිදුවන අපහසුතා වළක්වා ගැනීමට විශේෂ කුළී රථ සංගම් පිහිටුවීමට ද සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරිය සඳහන් කළා.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙරටට සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කිරීමේ අවශ්‍යතාව ද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩයනා ගමගේ මහත්මිය

ජාත්‍යන්තර සංචාරක දිනය අදට (27) යෙදී තිබෙනවා. සංචාරක අමාත්‍යාංශය වශයෙන් ජාත්‍යන්තර සංචාරක දිනය ඉතා චාම් ලෙස සැමරීමට පියවර ගත්තා. අප රටේ සිටින ප්‍රවීනම සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතාට ‘ජය ශ්‍රී ලංකා’ නමින් සුවිශේෂී සම්මානයක් සංචාරක දිනයට සමගාමීව ලබාදීමට ද අප කටයුතු කළා.

මම හිතන්නේ එය ඉතාමත්ම වටිනා සම්මානයක්. මොකද එතුමා පහළ තැනක සිට, අනතුරුව ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූපවේදී තනතුර දක්වා පැමිණීම සුවිශේෂී සිදුවීමක්. සංචාරක කේෂ්ත්‍රයට සූපවේදීන් අමතක කරන්න බැහැ. අප රටේ සූපවේදී කියන වෘත්තිය නොසලකා හැර තිබෙනවා. මේ නිසා ඉදිරියේදී සූපවේදීන් ඇගයීමේ ප්‍රවර්ධන වැඩපිළිවෙළක් සකස් කිරීමට අමාත්‍යාංශය ලෙස කටයුතු කරනවා.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස නවය තුළ පමණක් විදේශීකයන් ලක්ෂ 10ක් පමණ ‍අප රටට පැමිණ තිබෙනවා. මෙම වසර අවසන් වන විට විදේශිකයන් ලක්ෂ 15ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

යුරෝපයේ සීත සෘතුව තව මාස දෙකක් ගත වන විට ආරම්භ වෙනවා. ඒ අනුව සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන්නේ වස‍‍රේ මෙම අවසන් මාස දෙක තුළයි. එංගලන්තය මෙන්ම යුරෝපා රටවලින් විශාල වශයෙන් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍යයි.

 

මීට අමතරව මැද පෙරදිග රටවල්වල සංචාරකයන් ද මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කර තිබෙනවා. ලබන මාසය වන විට මැද පෙරදිග රටවල්වල සංචාරකයන් මෙරටට පැමිණෙනු ඇතැයි විශ්වාස කරනවා. ඔවුන් වෙනුවෙන් ද විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීමට අමාත්‍යාංශය ලෙස පියවර ගනිමින් සිටිනවා.

සංචාරකයන් මෙරටට පැමිණීමේදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් අප ලබාදිය යුතුයි. විශේෂයෙන්ම ඇල්ල, නුවරඑළිය, ගාල්ල, කොළඹ වැනි සංචාරකයන් බහුලව ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී කාලයේ ද සංචාරකයන්ට නිදහසේ ගත කිරීමට ඉඩප්‍රස්ථා ලබාදිය යුතුයි. ඒ වගේම සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි.

එසේම දැනට ඇති ඇතැම් නීතිරීති ද ලිහිල් කළ යුතුයි. සංචාරකයන්ට මෙහි පැමිණ මුදල් වියදම් කිරීමට අවස්ථා තිබිය යුතුයි. ඔවුන්ට අවස්ථා නොමැති නම් රටට ආදායම් ලැබීමට ද අවස්ථාවක් නැහැ.

ඒ වගේම මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අප සැමගේ වගකීමක් වෙනවා. වැරදි කරන කිහිප දෙනකු නිසා එහි බලපෑම සමස්ත රටටම එල්ල වෙනවා.

ඒනිසා සංචාරකයන්ගෙන් අසාධාරණ සහ අයථා ලෙස මුදල් අය කර ගන්නා දේශීය වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. විදෙස් සංචාරකයෙක් යළිත් වතාවක් මෙරටට පැමිණෙන ආකාරයට කටයුතු කිරීමට වගබලාගත යුතු වෙනවා.

එසේම ඔවුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ කුළී රථ සංගම් පිහිටුවිය යුතුයි. මෙවැනි ක්‍රියාමාර්ග හරහා සංචාරකයාගේ ආරක්ෂාව මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවන් ද නතර කර ගැනීමට හැකියාව තිබෙනවා. මේ සම්බන්ධයෙනුත් අමාත්‍යාංශයක් ලෙස විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

මෙරටට වැඩි වශයෙන් ඩොලර් ලබා ගැනීමට කංසා වගා කිරීමේ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව සති දෙකක් ඇතුළත ඊට අදාළ ගැසට් පත්‍රිකාව නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

මේ වැඩපිළිවෙළ රුපියල් උපයන ව්‍යාපෘතියක් බවට පත් නොවී, ඩොලර් උපයන ව්‍යාපෘතියක් බවට පත් කරනවා. මේ සඳහා අධිකාරියක් ඇති කරමින් නියාමනයක් සහිතව ආයෝජන ප්‍රවර්ධන කලාප යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.

 

 

The post සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි – ඩයනා appeared first on ITN News.

You may also like

- colombogazette.com

Former Sri Lankan cricketer Russel Arnold has been named a Multicultural Ambassador by Australia. The former cricketer who won 225 international caps across all 3 formats (1997 – 2007) is now an international cricket commentator and Level 3 High Performance coach. The father of two is a Trustee with the Foundation of Goodness, working to […]

- colombogazette.com

The Chairman of Aura Lanka Group of Companies, Viranjith Thambugala, was arrested and remanded over allegations of financial fraud. The businessman was produced in court and remanded till 27 May. In 2022 the ownership of the Dambulla team in the Lanka Premier League cricket tournament was procured by Aura Lanka Sports Pvt Ltd. (Colombo Gazette)

- island.lk

More than 140 travellers and crew members who were onboard a flight hit by severe turbulence landed in Singapore on a relief flight earlier this morning. Passengers onboard SQ321 which was heading from London to Singapore, recounted scenes of “absolute terror”, with one passenger saying he saw a woman with an “awful gash on her […]

- island.lk

President Ranil Wickremesinghe announced the implementation of a new program aimed at improving the living conditions of retired security forces members. The President highlighted that, in the absence of a dedicated program, some veterans have faced difficult situations and directed the State Minister of Defence, the Ministry of Defence, and the Ranaviru Seva Authority to […]

- colombogazette.com

President Ranil Wickremesinghe has confirmed that the Presidential elections will be held this year. He told his Cabinet that funds have already been allocated to hold the election this year. The Election Commission of Sri Lanka announced recently that the Presidential election will be held on a day between 17th September and 16th October 2024. The […]

- colombogazette.com

A13-year-old Christian girl, Sania Amin, went missing on April 4 after she left home to buy groceries in Anjotar, a village in Pakistan’s Punjab province. Local eyewitnesses reported that three Muslims took her by force and dragged her through the streets. Pakistani police refused to register a “First Information Report” (FIR) for Sania’s abduction. Christian […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc