මධ්යම කඳුකරයට තද වැසි – මීදුම් තත්ත්වය හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (27) රාත්‍රියේ සිට කඩින් කඩ තද වැසි පතිත වෙමින් පවතිනවා.
අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම ඉහල යමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ.
අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ඒ 7 ප්‍රධාන මාර්ගයේ ඝන මීදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබෙනවා.
සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමඟ නුවරඑලිය දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි වාහනයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වාගෙන සෙමින් රිය ධාවනය කරන ලෙස නුවරඑලිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
The post මධ්යම කඳුකරයට තද වැසි – මීදුම් තත්ත්වය හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා appeared first on ITN News.