රටට ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වා දීමට පර්යේෂණ අරඹන්නැයි නිළධාරීන්ට උපදෙස්

- itnnews.lk

අපේ රටේ පශු සම්පත් නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා බලපා ඇති ප්‍රධාන හේතුවක් වන්නේ අදාළ නිෂ්පාදන සඳහා උචිත සතුන්ගේ හිඟකමයි.

දැනට අප රටේ කිරි හා මස් නිෂ්පාදනය සඳහා ගවයින් හා එළුවන් වැනි සතුන් ආනයනය කළ ද අපේ රටේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු නොදීම හා වෙනත් රෝගාබාධවලට ගොදුරුවීම නිසා එම සතුන් මරණයට පත්වෙනවා.

මේ නිසා අපේ රටේ කිරි හා මස් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අප රටටම ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වා දීම සඳහා පර්යේෂණ අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා.

සාමාන්‍යයෙන් මෙවැනි පර්යේෂණයක් සඳහා වසර 5-7ක් දක්වා කාලයක් ගත වන බව පෙන්වා දුන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැනට නැගෙනහිර පළාතේ සුදු ගවයින් යොදා ගනිමින් නව ගව විශේෂයක් හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආරම්භ කර ඇති බව සඳහන් කළා.

එමෙන්ම කොට්ටුකච්චිය ගොවිපළේ නිපදවන ලද කොට්ටුකච්චිය නමින් යුත් එළු විශේෂය සම්බන්ධව තවදුරටත් පර්යේෂණ පැවැත්වෙන බව ද සඳහන් කළා.

අප රටට අවශ්‍ය දෛනික ගව මස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 37,000කි.

මෙම මස් ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි.

එමෙන්ම කිරි අවශ්‍යතාවයෙන් දැනට දේශීය වශයෙන් නිපදවනු ලබන්නේ 40%ක් පමණි.

කිරි අවශ්‍යතාවයෙන් 60%ක් සපුරා ගනු ලබන්නේ ආනයනය කිරීම මගිනි.

මේ නිසා වැඩි කිරි ප්‍රමාණයක් නිපදවා ගත හැකි තාක්ෂණය ගොවින්ට නොලැබීමත්, වැඩිපුර කිරි නිපදවිය හැකි ගව විශේෂයක් මෙරට තුළ නොතිබීමත් ප්‍රධාන ගැටළුවක් වේ.

අපේ පශු සම්පත් අංශ දැනට අවුරුදු පහකට කළින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ නම් මේ වනවිටත් අපේ රටට ගැළපෙන ගවයින් හා එළුවන් විශේෂ නිපදවා ගත හැකිව තිබුනා.

නමුත් ඒ සඳහා අවශ්‍ය පියවර නොගැනීම නිසා අද රටට අවශ්‍ය කිරි හා මස් ප්‍රමාණය අපිට ආනයනය කිරීමට සිදුව තිබෙනවා.

ඒ නිසා අපේ රටේ දේශගුණයට ගැළපෙන ගවයින් හා එළු විශේෂ දෙකක් හඳුනාගැනීම සඳහා පර්යේෂණ වහාම අරඹන්නැයි ද අමාත්‍යවරයා සදහන් කළා.

පසුගියදා පේරාදෙනිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් දුන්නා.

 

 

 

 

The post රටට ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වා දීමට පර්යේෂණ අරඹන්නැයි නිළධාරීන්ට උපදෙස් appeared first on ITN News.

You may also like

- colombogazette.com

An aircraft carrying Malawi’s Vice-President Saulos Chilima and nine others has gone missing, a statement from the president’s office has said. The Malawi Defence Force aircraft “went off the radar” after it left the capital, Lilongwe, on Monday morning, it added. The plane was supposed to land at Mzuzu International Airport, in the country’s north, […]

- colombogazette.com

The Supreme Court has decided to consider a Fundamental Rights (FR) petition filed against Pastor Jerome Fernando before a bench headed by the Chief Justice. A petition had been filed in court seeking action against the controversial self-proclaimed prophet under the United Nations International Covenant on Civil and Political Rights (ICCPR) over alleged statements he made […]

- colombotelegraph.com

[…]The post Fly Highdream Big appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Philip Gunawardena: Who Is Ready To Serve ? appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post ටෝකියෝ සමාගම හා ඩග්ලස් දේවානන්ද කිලිනොච්චියේ ගොවි, ධීවර හා වන බිම් අක්කර 3000ක් සිමෙන්ති නිෂ්පාදනයට බලෙන් අත්පත් කර ගනී appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post NPP Beware! appeared first on Colombo Telegraph.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc